Thursday, December 5, 2013

කඵතර අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් සටහන් ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. සාක්ෂිකරුවු පුජක තැනව පොලිසිය යවා උසාවියට ගෙන්වා ගනී.


කතෝලික සභාව නීති විරෝධීව පවත්වාගෙන ගිය, කඵතර කලමුල්ලේ ග්‍රේස් කුමරි අනාථ නිවාසයේ උපන්දා සිට හදාවඩාගත් දරුවන් පයාගල පොලිසිය හා එක්ව පළවා හැරීමට ගත් උත්සාහය අදාල - නඩුව, 2013.12.03 වන දින විභාගයට ගත් අවස්ථාවේ මේ අරුම පුදුම දේ සිදුවිය.

නඩුව කැදවූ අවස්ථාවේ, මුල් පැමිණිලිකරුවූද ප්‍රධාන සාක්ෂිකරුවුද මෙම අනාථ නිවාසය බාරව කටයුතු කිරීමට කතෝලික සභාව පත්කර එවන ලද - ලෙස්ටර් විජේසූරිය නැමැති කතෝලික පූජකවරයා නඩුවට සාක්ෂි දීම සදහා උසාවියට පැමිණ සිටියේ නැත.

මෙම පූජකවරයා පැමිණ නොසිටින බව පොලිසිය දැනුම් දුන් විට, වහාම පණිවුඩ යවා ඔහුව ගෙන්වා ගන්නා ලෙසට - කඵතර අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, ඔහුට පණිවුඩ යවා ගෙන්වා ගන්නා ලදි. මේ සමානාත්මතාවයේ මූලධර්මය විගඩමකට ලක් කිරිමකි. වෙනත් නඩුවක අසරණයෙකු උසාවියේ කැදවීමට නියමිත වේලාවට පැමිණ නොසිටිය හොත්, වරෙන්තු කරනු ලබයි. නඩුව කල් දායි. එහෙම නැත්නම් විසි කරයි. මේ වෙනස, ලෙසටර් විජේසූරිය - කතෝලික පූජකයෙකුවු නිසාද ?

ඉන් නඅතුරුව, විත්තිකාර අනාථ නිවාසයේ දරුවන් දහසය දෙනා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහතා - මුල් පැමිණිලිකරු පසුව කරන ලද ප්‍රකාශ සහ පොලිස් සටහන් ඉල්ලා සිටියද, එය ලබා දී නැති බවද, ඒ සදහා නීතිමය ප්‍රතිපාදන තිබෙන බවද, නඩු තීන්දු උපුටා දක්වමින් අධිකරනයට කරුණු ඉදිරිපත් කළේය.
                     
එහෙත් නීතියම ප්‍රතිපාදන තිබියදීත්, එම සටහන් ලබා දෙන ලෙසට පොලීසියට නියෝග කිරීම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරිය, කතෝලික පූජක ලෙස්ටර් විජේසූරියගේ  පසුව කරන ලද ප්‍රකාශය පමණක් ලබාදෙන ලෙසට පොලිසියට නියම කළේය.

කතෝලික පූජක ලෙස්ටර් විජේසූරිය, මෙම දරුවන්ට විරුද්ධව පයාගල පොලිසියට කරන ලද මුල් පැමිණිල්ලෙන්, ඔහු පොලිසියෙන් ඉල්ලා සිටින්නේ මෙම දරුවන් නිවාසයෙන් ඉවත් කරන දෙන ලෙසටය.

සිවිල් කටයුත්තකට මැදිහත්වීමට මහේස්ත්‍රාත් අධිකරණයට නීතිමය හැකියාවක් නොමැත. එහෙත් අද නීතිය ඔලුවෙන් සිටවන රාජපක්ෂ රෙජිමය, කතෝලික සභාවේ උවමනා එපාකම් සදහා ද පොලිසිය, අධිකරණ උපයෝගී කර ගන්නා බවට මෙය නිදසුනකි.


මෙම සිද්ධිය හා අදාලව පලකරන ලද අනෙකුත් පුවත් සදහා යොමු වන්න.




No comments:

Post a Comment