මහින්ද රජපක්ෂ සහ කැල, රටට හදුන්වා දෙනු ලබන සදාචාරය අතර අද පෙරට විත් තිබෙන්නේ - කිරිබත් කෑම හා බෙදාහැරීමේ සංස්කෘතියයි.
විශේෂයෙන් එකෙක් මැරුනු විට, මරපු විට අඬබෙර ගසා කිරිබත් කෑම, කිරිබත් බෙදාහැරීමේ සංස්කෘතිය.
ප්‍රේමදාසයන් බෝම්බයෙන් මිය ගිය පුවත අසා - පිරිසක් රතිඤ්ඤා පත්තු කළේය. ඔහු අනුමත කිරීම, නොකිරීම වෙනම ප්‍රශ්ණයකි. අවාසනාවන්ත ලෙසට මිය ගිය පසුව, රතිඤ්ඤා පත්තුකර ප්‍රීතිවීමට තරම් අප බෞද්ධයෝ එඩිතර වූහ. සදාචාර විය.
බුදුන් සරණ යෑම වෙනුවට, ‘‘බුදු සරණයි’’ ලියූ බෝඩ් ත්‍රීවිල් වල, මස් අදින ලොරිවල, පස්-ගල් අදින ටිපර්වල, ගසාගෙන බෞද්ධකම ප්‍රදර්ශණය කරන අපි, දැන් අලුතින් හදන නිවෙස්, ගොඩනැගිලි වල ඉදිරිපස සවිකරන ‘‘පඹයා’’ වෙනුවට ආදේශ කර ඇත්තේ ‘‘බුදු සරණයි’’ බෝඩ් එකය.
මේ සදාචාරයේ, සංස්කෘතියේ ප්‍රතිඵලය මේ වන විට, යටත්වූවන් අමු අමුවේ මරා දැමීම, අත්අඩංගුවට පත්වූවන් වධදි මරා දැමීම,පැහැරගෙන ගොස් මරා දැමීම දක්වා විහිදී ගොස් හමාරය.
ඕනෑම අයෙකු අල්ලා, ගැටගසා මරා දැමූ පසුව - ඒ පුද්ගලයා, අපරාධකාරයෙක්, පාතාලයෙක්, බවට - මාධ්‍යයද අල්ලාගෙන ප්‍රචාරය කර, ඉන් නොනැවතී, ඔහුගේ /ඇගේ නිවස ගිණිතබා, කිරිබත් කා, කිරිබත් බෙදාහැරීමට තරම් අපි අද නිර්භීත, සදාචාර ජාතියක් බවට පත්ව තිබේ.
මෙම මරා දැමීම් පිළිබදව මහින්ද රාජපක්ෂ හා කැල ගෙනයන ප්‍රචාරවල සාවද්‍ය බව ප්‍රශ්ණ කරන්නට ඉඩක් ලබා දී නැත. මරා දැමීමෙන් පසුව, මරණයට පෙර ගත කල ජීවිතය ගැන, ඔහු පාතාලයෙක් අපරාධකාරයෙක් නම්, මේ ආකාරයට නිදැල්ලේ සිටීමට ඉඩදීම ගැන, එකට මගුල් කෑම ගැන ප්‍රශ්ණ කරන්නට ඉඩක් නැත. අපරාධකාරයෙක් පාතාලයෙක් වුනත්, අත්අඩංගුවට ගත් පසු මරා දැමීම, එම මරා දැමීම අධිකරණය ඉදිරියට ගොස් සාධාරණ යයි කියවා ගැනීම - ප්‍රශ්ණ කිරීමට ඉඩක් නැත. මෙයයි අද අපගේ සදාචාරය.
උපතේදී, මගුලේදී, සුබ කටයුත්තකදී, අලුත් අවුරුද්දේදී - අපි කිරිබත් කෑම නවත්වමු.
අපරාධකාරයා නිසි ලෙස තහවුරු කරගන්නේ නැතුව සැකකාරයින් මරා දානවා.. ඒ නිසා ඉදිරියේදී අපරාධකාරයන්ට හරිම ලේසි වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒ තුල අපරාධකාරයාට අවශ්‍ය වන්නේ සැකකාරයෙක් සහ තවත් සාක්කිකාරයින් දෙතුන් දෙනකු සොයා ගෙන පොලිසියට ඉදිරිපත් කිරීම විතරයි.. පොඩි සාක්කි දෙක තුනක් අහනවා..අපරාදෙ කරල තියෙන්නෙ මූ කියල හොදටම සුවර්..ඉන් පස්සෙ ඉතිං උදේ පාන්දර පහට විතර සැකකාරයා බෝම්බ පෙන්වන්න යනවා.. ගිහින් මැරුනම මිනියවත් ගෙදර ගේන්න බැරිවෙන්න ගමේ මිනිස්සු උද්ගෝසනය කරනවා..
ReplyDelete