තම අසල්වැසියෙක් මෙන්ම, ඥතියෙකු වූද, ජනක නැමැත්තා සමග බහින් බස් වීමක් වුනේ සුනඛ ප‍්‍රශ්නයක් මුල් කරගෙනය.
පානදුර දකුණ පොලීසිය, මොවුන් කරන ලද පැමිණිල්ලකට අත්අඩංගුවට ගෙන, ජීප් රථයේ දමාගෙන, පොලීසියට ගෙන යන අතර, ඔහු, පානදුර දකුණ පොලීසියේ තුෂාර හා රංංජිත් යන නිලධාරීන් තමන්ට පහරදුන් බවට, පොලිස්පතිට හා මානව හිමිකම කොමිෂමට පැමිණිලි කර ඇත. එම පහර දීම නිසා, ඔහු දැඩි වේදනාවෙන් පසුවන බවද කියා සිටී.
අධිකරණයට ඉදිරිපත් කළ විට, ඔහුව රු: 50,000/- ක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබ තිබේ.
මුදල් බලයට යටවී, තමාව වධ හිංසාවට, පත්කිරීම ගැන, නීතිමය පියවර ගන්නා ලෙසට ඔහු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරී
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
පානදුර
පහර දී තුවාල සිදුකරන ලද, පානදුර දකුණ පොලීසියේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.
ලිඛිත පැමිණිල්ල.
xxx ,
අවු: 45 යි, ජා.හැ.අ. xxxxx, විවාහක,
රැුකියාව: වෙල්ඩිං වැඩ, ලිපිනය: xxxxxxx,
පානදුර. 077 xxxxxxx/071xxxxx
2020.10.20 වන දින දීය.
2020.10.14 වන දින, රාත‍්‍රී 11.00 ට පමණ,
පානදුර දකුණ පොලීසියේ, තුෂාර, රංජිත් නැමති නිලධාරීන් සමග ලිවේරා නැමති නිලධාරියා පැමිණියා. ජීප් රථය
පැදවූයේ ලිවේරා නැමති නිලධාරියාය.
ඔවුන් මාව,
පස්වෙනි පටුමගේදී, අත්අඩංගුවට ගෙන,
මාංචු දමා, ජීප් එකට
දාගත්තා. අත්අඩංගුවට ගන්නා වේලාවේදී, උඹ ජනක හේරත්ගේ
ගෙදරට ගිහිල්ලා බඩු පොඩි කරලා තියෙනවා කියා කිව්වා.
ඔවුන් මාව, ජනක හේරත් යන
අයගේ නිවස ඉදිරපිටට ගෙන ගොස්, තුෂාර හා රංජිත් යන දෙදෙනා, ජීප් රථයෙන් බැස ගෙදරට ගියා. ඔවුන්, එම නිවසේ
නිවැසියන් සමග කථා කර, නැවත පැමිණියා. ඉන්පසු ජීප් රථය වටේ යන අතරතුර, තුෂාර නිලධාරියා, මගෙන් ඇහැව්වා, මොකද වුනේ
කියලා. මම නිහඬව ඉන්න විට, තුෂාර හා රංජිත් යන දෙදෙනා, මට අතින් පයින් හා තුෂාර අත තිබූ කොහු මිටක් වැනි පොල්ලකින් පහර දුන්නා.
එසේ පහර දෙමින්,
පොලීසියට ගෙනවිත් කූඩුවට දැම්මා.
පසුවදා,
දවල් 11.00 ට පමණ මාව,
පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. පොලීසිය
අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ගරු මහේස්ත‍්‍රාත්තුමා, මාව, රු: 50,000/- ක ශරීර ඇප මත
මුදාහැරියා.
නඩු අංකය : 79238/2020
වේ.
මාව මුදා
හැරීමෙන් පසුව, පහර දිම නිසා ඇතිවූ රෝගී තත්ත්වය මත, 2020.10.16 දින, ප‍්‍රතිකා රගැනීමට පානදුර මූලික රෝහලට ඇතුළත් වුනා.
මාව රෝහල්ගත
කළා. වාට්ටුව 1 - ඇඳ ඉහපත් අංකය: 43221.
පානදුර මූලික
රෝහලේ, රෝහල් පොලීසිය මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. අධිකරණ වෛද්‍ය
නිලධාරීවරයා මාව පරීක්ෂා කළා.
මා ඉල්ලා
සිටින්නේ,
බලවතෙකුගේ ව්‍යාජ
පැමිණිල්ලකට මාව, අත්අඩංගුවට ගෙන, දිනක්, මාව පොලිස් සිර මැදිරියේ රඳවා තබාගෙන, ව්‍යාජ චෝදනා
නගා නඩු පැවරීම හා මට පහර දීම පිළිබඳව, පානදුර දකුණ
පොලීසියේ, තුෂාර, රංජිත් හා
ලිවේරා නැමති නිලධාරීන්ට නීතිමය පියවර ගන්නා ලෙසටය.
මෙයට,
xxxxxxx
පිටපත්:
01.
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01
02. සභාපතිනිය
මානව හිමිකම් කොමිෂන් සභාව
අංක 14
ආර්.එ්. ද මැල් මාවත
කොළඹ 04
03. මේජර් ජනරාල්
කමල් ගුණරත්න මහතා
ආරක්ෂක ලේකම්
ආරක්ෂක අමාත්‍යාංශය
15/5, බාලදක්ෂ මාවත
කොළඹ 03



























