Monday, October 14, 2013

"ජේසුස් " - "ලේසුස් " වෙයි. වතිකානුවටත් අකුරු වරදී.


අලුතින් පත්වන පෝප් වරයෙකුම, සමරු පදක්කමක් නිකුත් කිරීම සම්ප්‍රදායයි.

මෙම පදක්කම් අළෙවි කිරීමෙන් විශාල අදායමක් වතිකානුව ලබයි.

මෙම පදක්කම නිර්මාණය කර ඇත්තේ - ඉතාලියේ මුදල් කාසි නිර්මාණකරුවන් විසිනි.
පෝප් ප්‍රැන්සිස් ද එම සම්ප්‍රදායට අනුව - සමරු පදක්කම් 6200ක් නිකුත් කළේය.
මෙයට රන් පදක්කම් 200ක්, රිදී පදක්කම් 3000ක් හා ලෝකඩ පදක්කම් 3000ක් අයත් විය.

මෙම පදක්කම් කිහිපයක් වාසනාවන්ත කිහිප දෙනෙකු විසින් මිළයට ගැනීමෙන් අනතුරුව පදක්කම් වල "ජේසුස් " - "ලේසුස් " වී ඇති බව හෙළි විය.

වහාම මෙම පදක්කම් අළෙවිය ඉවත් කිරීමට වතිකානුව පියවර ගත්තේය.

"නව මාධ්‍යය" කරුවෝ මේ වරද විහිඵවකට ගෙන ඇතැයිද වාර්තාවේ.

"අපි දැන් ලේසුස්ව අයදිමු " වශයෙන් ඔවුන් සටහන් යොදා තිබින.



1 comment:

  1. What is the relevance of this article to anything your organisation promotes please?
    Articles like this does not contribute anything to the betterment of society.
    And by carrying these cynical, lurid and blasphemous articles you bring down your ownself and your organisation image.

    ReplyDelete