Tuesday, October 22, 2013

"කුඩු " පොලිස් කාරයෝ බේරන්න, නිදහස් කල තරුණයාට යලිත් බොරු නඩුවක් පවරයි.


මිලි ග්‍රෑම් 2200 ක් ලග තබා ගැනීමට හා ප්‍රවාහනය කිරීම යන - බොරු චෝදනාව නගා - අධීකරණයට ඉදිරිපත් කල අසිත කුමාර සිල්වා ව, මොරටුව මහේස්ත්‍රාත් වරයා විසින් - රක්ෂිත බන්ධනාගාර ගත කළේ, ඉදිරිපත් කරන ලද කරුණු අනුව ව්‍යාජ නඩුවක් බව පෙනී ගියත්, නීතියට අනුව තමන්ට ඇප දීමට බලයක් නැති බව ප්‍රකාශ කරමින්ය.

එයින් පසුව, සියලු කරුණු අධිකරණය ඉදිරියේදී සැකයෙන් තොරව ඉදිරිපත් කිරීමෙන් පසුව - මහේස්ත්‍රාත් වරයා - සැකකරු අසිත කුමාරව නිදහස් කළේය.

නිදහස් කිරීමේ නියෝගය නිකුත් කරමින්, මොරටුව මහේස්ත්‍රාත්වරයා පොලිසිය සතුව මේ තරම් විශාල හෙරොයින් ප්‍රමාණයක් තිබීම ගැන පරීක්ෂණ පවත්වන ලෙසට නියෝග කළේය. එමෙන්ම නඩු වාර්තාවේ පිටපතක් පොලිස්පතිට, ආරක්ෂක ලේකම්ට ද යැවීමට ද පියවර ගත්තේය.
මෙම තීන්දුව දෙන ලද්දේ 2012.07.06දිනය.

එමෙත් ඒ පිලීබදව කිසිම පියවරක් ගැනීමට පොලිස්පති හෝ එවකට පොලිසිය භාරව කටයුතු කල ආරක්ෂක ලේකම් පියවරක් ගත්තේ නැත.

කරුණූ මෙසේ තිබියදී - එම සිද්ධිය මූලික කරගෙන, හෙරොයින් ලග තබා ගැනීම හා ප්‍රවාහනය කිරීම යන චෝදනාවට යලිත් නඩුවක් ඔහුට විරුද්ධව පැවරීමට පියවර ගත්තේය.

හැබැයි මේ අතරතුර, මොරටුව පොලිසිය අධීකරණයට ඉදිරිපත් කල හෙරොයින් මිළී ග්‍රෑම් 2200, හෙරොයින් ග්‍රෑම් 1 කට (එනම් මිළී ග්‍රෑම් 1000 නට.) එකට අඩු වී ඇත.

මේ ආකාරයට අධීකරණය මගින් නිදහස් කලා පමණක් නොව, අධීකරණයට බොරු කියා, පුද්ගලයින්ගේ නිදහස අහිමි කිරීමට ගන්නා පියවර හෙළා දැක, හෙරොයින් විශාල ප්‍රමාණයක් ලග තබාගත් පොලිස් කාරයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න - උසාවිය නියම කර තිබියදීත්, එම නියෝගය තඹ සතයකටවත් ගණන් නොගෙන යළිත්, නිදහස් කල පුද්ගලයාට නඩු පැවරීම - උසාවියට අපහාස කිරීමක් නොවේද ?

උසාවි නියෝග පොලිස්පතිට ආරක්ෂක ලේකම් ගණන් ගන්නේ නැද්ද ? යන ප්‍රශණයට පිළිතුරු මහජනයා දනිති.

බොරු නඩු දාන්නේ ඒ අයගේ අවශ්‍යතාවයටය.

ජනයා පීඩා කිරීමේ රාජපක්ෂ චින්තනයට අනුව ය.

එ නිසා පොලිසියට ඕනෑම අපරාධයක් කරන්නට ඉඩ දී ඇති බව - තවමත් තේරුම් නොගන්නා පිරිසක් සිටීම කණගාටුවට හේතුවකි.


No comments:

Post a Comment