Thursday, October 24, 2013

ළමුන් අපයෝජනයට ලක් කරන තවත් නීති විරෝධී ළමා නිවාසයක් - කලුතර.



අනාථ ළමුන් සදහා බව ප්‍රකාශ කරමින්, අසරණ වූ මව්වරුන්ගෙන් උපන් හැටියේ දරුවන් ලබාගෙන, එම ළමුන් ප්‍රදර්ශණය කර මුදල් ලබාගෙන, කුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවත් එම ළමුන්ව කතෝලිකයින් වශයෙන් බව්තීස්ම කරමින් - ගෙන යන ව්‍යාපාරයේ තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
මෙම ළමුන් වයස් පූර්ණත්වයට පත්වූ පසු, අතහැර දැමීමේ වැඩ පිළිවෙළ යටතේ - කලමුල්ල ග්‍රේස් කුමරි අනාථ නිවාසයේ ළමුන් පොලිසිය උපයෝගී කරගෙන නීතියට පටහැනිව අධීකරණ නියෝග ලබාගෙන මහ මගට ඇද දැමීමට දරන ලද උත්සාහය මීට පෙර හෙළීදරව් කළෙමු.
එම ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 8ටත්, 13 ත් අතර ළමුන් 08.හා අවු: 18 වැඩි තරැණියන්  දෙදෙනකු කඵතර, සෙන්ට්‍රල් හංදියේ, වෛද්‍ය ඩබ්.ටී.පී.ආරියරත්න මාවත ආරම්භ වන ස්ථානයේ නිවාසයක රදවාගෙන සිටිති. මෙම ළමුන් අතරින් 7කුම ගැහැණු ළමුන්ය. මෙම නිවසේ පාලකයා වශයෙන් කතෝලික සභාව පත්කර ඇත්තේ රෝෂන් නැමැත්තෙකුය. ඕලු නැමැති කාන්තාවක් ළමුන් බලා ගනී.
ග්‍රෙස් කුමරි අනාථ නිවාසය පරිවාස දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි නොකර - නීති විරෝධීව පවත්වාගෙන යන්නකි. ඒ බව පරිවාස දෙපාර්තමේන්තුව අධීකරණයට සපයා ඇති වාර්තාවෙන් පැහැදිලිය.
ඉහත ළමා නිවාසයද ලියාපදිංචි කර නැත. මේ ආකාරයට දිවයින පුරා නීති විරෝධීව - අසරණ මව්වරුන්ගෙන් උපන් හැටියේ දරුවන් ලබාගෙන ඔවුන් - ළමා අයිතීන් උල්ලංඝණය කරමින්, අපයොජනයට ලක් කිරීමට එරෙහිව නීතිමය පියවර නොගැනීම මගින් තහවුරු වන්නේ - කාලයක් මුඵල්ලේ සිට, රටේ නීතිය උල්ලංඝණය කරමින් සිය ආධීපත්‍ය කතෝලික සභාව පවත්වාගෙන ගිය බවයි.




                                                    

2 comments:

  1. අනේ කතෝලික සභාව පවූ...

    ReplyDelete
  2. කතෝලික සභාව රටෙහි නීතිය උල්ලංඝනය කර තිබේ නම් කළ යුත්තේ මෙවැනි විහිළු සහගත අසත්‍ය ලිපි ලිවීම නොව අධිකරණය වෙත යෑමයි.

    ReplyDelete