Wednesday, October 2, 2013

කසිප්පු මුදලාලිට බුදු සරණයි! දෙවි පිහිටයි!! මොරගහහේන පොලිසීය.



මොරගහහේන පොලිස් වසමට අයත් රබර් කිරි කපන්නෙකු වූ 56 හැවිරිදි මාතුපාලගේ කණ පුපුරා යෑමට පහර දුන්නේ නාලක පෙරේරා නැමැත්තාය.

පහරදීම සිදු කළේ 2013 ජූනි 27 වන දිනය. මොරගහහේන පොලිසියේ ගජ මිතුෙර‍කු වූ නාලක පෙරේරා - නීති විරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ වූවෙකි.

පොලිසිය, සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කළේය. තුන් පාරම නාලක පෙරේරා සමථ මණ්ඩල කැදවීමට ගියේ නැත. සමථ නොවීමේ සහතිකය 2013.08.17 - මොරගහහේන පොලිසියට නිකුත් කළේය.

මාසයක් ඉකුත් වී ඇතත්, නාලක පෙරේරා ට එරෙහිව නඩුව දාන්න ස්ථානාධිපති පියවර ගෙන නැත.

ජනාධිපති රාජපක්ෂගේ සෘජු පාලනය යටතේ පවත්වාගෙන යන පොලිසිය - අපරාධ කරුවන් රකින්න ක්‍රියා කරන බව - දැන් ඔහුට වැටහී ඇත.

පොලිසිය අපරාධකරුවන් රකිනවා. අපරාධකරුවන් පොලිසිය රකිනවා. දෙගොල්ලන්ම රජපක්ෂව රකිනවා.

No comments:

Post a Comment