Monday, October 7, 2013

අත් දෙකටයි කකුල් දෙකයි පලල් කරලා මාංචු දැම්මේ බැරැක්කේ ඇඳක විට්ටන්වලට තියලා. යටිපතුල් වලට වයර් එකකින් ගැහැව්වා. කොච්චි මිරිස් කොටලා ඇස් දෙකටයි, පුරුෂ ලිංගයටයි වක්කලා. අතින් හොක්කට ගසා, දත් කැඩුවා.


මීට පෙර, අසල්වැසි ගුරුවරියකගේ අවශ්‍යතාවයකට වධ දී බොරු නඩු දැම්මා. මම වරද පිළිගත්තේ නෑ. ඒ නඩුව තවම තියෙනවා.
ජූලි මස 04 වෙනිදා ඒ නඩුවට ඉදිරිපත් වෙලා උසාවියෙන් එළියට ආපු ගමන් බණ්ඩාරගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පුරා දින දෙකක් දස වධදී, තවත් නඩු තුනක් තමාට විරුද්ධව දැමූ බව ප්‍රකාශ කරන කුලී වැඩ කර ජීවත් වන, එක් දරු පියෙක් වූ 27 හැවිරිදි, රුවන් කුමාර - තමාට වධ දුන් ආකාරය පැහැදිලි කරමින් ලිඛිතව පැමිණිල්ලක් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට කර තිබේ.
ඉහත ආකාරයට තමාට වධ දුන්නේ බණ්ඩාරගම පොලිසිය අසල පිහිටි පලතුරු කඩයක් හා තවත් කඩ තුනක් හොරුන් විසින් කඩා ඒවායේ තිබූ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන්ය. ඔහුට දස වධ දුන්නේ සොරකම් කළ බවට පිළිගන්නා ලෙසට සහ එම සොරකමට ජානක නැමැති අයත්, සමන් නැමැති අයත් එක්වූ බව ප්‍රකාශ කරන ලෙසටත බලකරමින්ය.
වධ දීම ගැන පැමිණිලි කලහොත් , බෝම්බ දමා බන්ධනාගාරගත කරන බවට ඔහුට කර තිබූ තර්ජණය නිසා - ඔහු භිය වී නිහඩව සිටි බවද කියා සිටී.
ඔහුට පෙර සිද්ධියේදී වධ දුන්නේත්, මෙම සිද්ධියේදී වධ දුන්නේත් බණ්ඩාරගම පොලිසියේ රණවිර හා කොස්තාපල් චතුරංග බව ප්‍රකාශ කර සිටී.

(වැදගත් පෙලපතකට උරුම කියන අභිමානවත් පොලිස් සුනඛයෙකු ඇදගෙන රුවන් කුමාර ගේ නිවසට රිංගූ පොලිස්  බල්ලන්ගේ කථාව ඉදිරියට)

1 comment:

  1. Whendid this happen?
    I thougyt he is still in remand?
    Are these two different incidents?

    ReplyDelete