Saturday, October 5, 2013

අපරාධ කරුවන්ට, වංචකයින්ට මංත්‍රීධූර දරන්නට ඉඩදෙන පනත හකුලා ගන්නට මංමෝහන් සිංට සිදු වේ. දෙරටක වෙනස.

අවුරුදු දෙකකට වඩා සිර දුවම් නියම වූ කිසිවෙකුට මංත්‍රීධූර දැරිය නොහැකි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසු ගියදා තීරණය කළේය.
මෙම තීන්දුවට අනුව, පහළ උසාවියකින් වරදකරු කර, එයට අභියාචනා ඉදිරිපත් කර සිටි අයගේ මංත්‍රී ධූර අහෝසි වන අතර මංත්‍රීධූර අපේක්ෂක වශයෙන්ද ඉදිරිපත් විය නොහැක .
ශ්‍රී ලංකාවේ මෙන්ම, අපරාධකරුවන්ගෙන්, දූෂිතයන් හා වංචාකාරයින් මංත්‍රීධූර වලට පත්වන්නට පටන් ගන්නා ලදි. මෙම තත්ත්වය වෙනස් කිරීමට දේශපාලන පක්ෂ පියවර ගත්තේ නැත.
ශ්‍රී ලංකාවේ මෙන්ම, බහුතරයක් ඡන්දය ලැබුනේ ප්‍රකට අපරාධකරුවවන්ටය. දූෂකයින්ටය. වංචාකාරයින්ටය. මෙම තත්ත්වය වැලැක්වීම සහා සිවිල් සමාජය පෙරමුණ ගත‍තේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, වසර 2 කට වඩා සිර දඩුවම් නියම වූවන්ට මංත්‍රී ධූර අපේක්ෂකයින් සහා ඉදිරිපත් වීමටත්, මංත්‍රීධූර දරන්නන්ගේ එම ධූර අහෝසි කිරීමටත්, පියවර ගත්තේය.
මෙම නීතිමය තත්ත්වය, පනතක් ගෙනවවිත් වෙනස් කිරීමට වත්මන් ඉන්දීය අගමැති මංමෝහන් සිං පපියවර ගත්තේය. ඒ සහා පනත් කෙටුම්පත් කර කැබිනට් අනුමැතිය ලබා ගත්තේය.
පාලක කොන්ග්‍රස් පක්ෂයේ හවුල් කාර පක්ෂ, විපක්ෂය, සිවිල් සමාජය මෙම පනතට දැඩිව විරෝධය පළ කළේය. මෙහි විශේෂත්වය වූයේ පාලක පක්ෂය තුලින්ද මෙම පනතට විරුද්ධත්වය පල වීමයි.
2014 ඉන්දීය මහා මැතිවරණයේ අගමැති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි  බොහෝ දෙනා විශ්වවාස කරන, කොන්ග‍්‍රස් උප නායක රාහුල් ගාන්ධි  මෙම පනත විකාරයක් ලෙසට හුන්වමින් එයට විරුද්ධ වීය.
මෙම තත්ත්වය තුල කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානීන් වන, මංමෝහන් සිං, පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, උප නායක රාහුල් ගාන්ධි ප්‍රමුඛ පිරිස, රැස්ව පනත ඉදිරිපත් නොකිරීමට තීරණය කෙළේය.     
මේ අනුව දැනට මංත්‍රීධූර අපේක්ෂකත්වය දරන අපරාධ වලට සම්භන්ධ කොන්ග්‍රස් පාක්ෂිකයින්ට තනතුරු නැති වන අතර,  බොහෝ දෙනුකට තර වැදීමට නොහැකි වනු ඇත. ඒ අතර  අපේක්ෂකයින් සියලු දෙනා තම වත්කම් මැතිවරණයට පෙර ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ  මෙන් නොව, මංත්‍රී වත්කම් මහ ජනතාවට වසන් කරන්නට ඉන්දියානු නීතියෙන් ඉඩ ලැබෙන්නේ නැත. 

No comments:

Post a Comment