Saturday, October 5, 2013

පළමුව වැසිකිලිය - දෙවනුව දේවාලය

මේ සටන් පාඨය ඉන්දියාවේ හින්දු අන්තවාදී පක්ෂය වන, BJP පක්ෂය ප්‍රමුඛ - හවුලේ අගමැති අපේක්ෂක මෝඩී ගේය.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහා මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂය වන BJP (භාරතීය ජනතා පක්ෂය) තම අගමැති අපේක්ෂකයා ලෙසට වර්තමාන ගුජරාට් ප්‍රාන්ත මහ ඇමති මෝඩීව තෝරා ගත්තේය. නරේන්ද්‍ර මෝඩි පහත් යයි සම්මත කුලයකට අයත් වුවෙකි.
ඔහු මේ වන විට, සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ. ජනතාව ආකර්ෂණය කළ හැකි බවට ප්‍රකට, මෝඩී මේ වන විටත් පාලක කොන්ග්‍රස් පක්ෂයට අභියෝගයක්ව පවතී.
ආර්ථික සංවර්ධනය හා සමානව, දූෂණය නැති කිරීම හා දස ලක්ෂ සංඛා්‍යාත දුගී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මූලික කකර ගත් පාඨ මෝඩිගේ සටන් පාඨ වල ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ  පළමුව වැසිකිලිය -  දෙවනුව දේවාලය ” යන්නයි.
ඉන්දීය ජනගහනයේ අති බහුතරයකට අදටත් මළපහ කිරීමට වැසිකිලි නැත. කාන්තාවන් පවා මළ පහ කරන්නේ එළිමහනෙන්ය. මේ පිළිබඳ දැඩිව අවධාරණය කරන මෝඩි පළමුව ගොඩනැගිය යුත්තේ වැසිකිලි බවය.

හින්දු අන්තවාදී පක්ෂයේ අගමැති අපේක්ෂක ගේ මෙම ප්‍රකාශය පක්ෂය තුල දැඩි හින්දු මතධාරීන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.දෙවියන් මළ පහ නොකරන බව හොඳටම දන්නා මෝඩි -  දේවාල සැදීමට පෙර වැසිකිලි සැදිය යුතු බව කියන්නට තතරම් එඩිතර වීම ගැන මෝඩි විරෝධ වාදීන්ගේ පවා මවිතයට හේතු වී තිබේ.

No comments:

Post a Comment