Saturday, October 26, 2013

සමෘද්ධි ගාමිණී කොරියා යවන්න ලක්ෂ ගණන් වංචා ක‍ළේ අරලිය ගහ මැදුරේ ඉදගෙන. මෙම මුදල් වංචාවට අතරමැදියා වූ - මල්ලිකාට පොලිස් අතවර.




කඵතර ආසනයේ, නාගොඩ, ගුණතිලක වත්ත, අංක 02, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාපතිනියව සිටිමින්, ජනාධිපති රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වූ පී.එන්.පී.පෙරේරා හෙවත් සමෘද්ධී ගාමිණී නැමැත්තා සමග එක්ව කොරියාවේ රැකියාවලට යැවීමේ පොරොන්දුව මත රුපියල් ලක්ෂ 30 කට වැඩි මුදලක් වංචා කිරීම පිළිබදව පුවතයි මේ.

සමෘද්ධි  ගාමිණී නමින් කුප්‍රකට වූ හිටපු කඵතර ප්‍රාදේශීය සභාවේ සභාපති පී.එන්.පී.පෙරේරා, ප්‍රාදේශීය සභාවේ මුදල් වංචා කිරිම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව, එම තනතුරින් ඉවත්ව, ජනාධිපති රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ලෙසට අරලිය ගහ මන්දිරයේ රාජකාරි කරන ලදි.

එසේ සිටින අතර, කොරියාවේ රැකියා සපයන බව කියමින් මෙම පුද්ගලයා ඒ සදහා රුපියල් ලක්ෂ තුනක් අවශ්‍ය යැයි පවසමින්, රුපියල් ලක්ෂ 1 1/2 බැගින් අත්තිකාරම් මුදල් ලබාගෙන ඇත.

මෙම වංචාවේ අතරමැදියා ලෙසට කටයුතු කර ඇත්තේ, කඵතර ආසනයේ, නාගොඩ, ගුණතිලක වත්ත 02, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සභාපතිනිය වූ විදාන ආරච්චිගේ මල්ලිකාය.

ඇය ප්‍රකාශ කරන්නේ, මෙම මුදල් වංචාවේ මූලිකයා වූ සමෘද්ධි ගාමිණීට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන අතර, තමාට විරුද්ධව නඩු පවරා ඇති අතර, නිරන්තරයෙන් කඵතර දකුණ පොලිසියද ඇය හිංසනයට පත්කරන බවය.

ඇය විසින් එම සිද්ධිය පිළිබදව පොලිස්පති, මානව හිමිකම් කොමිෂම හා පොලිසිය බාර අමාත්‍යංශයට කර තිබෙන ලිඛිත පැමිණිල්ල මෙසේය.


01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

03. ලේකම්,
    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය,
    06 වන මහළ, රේණුකා ගොඩනැගිල්ල,
    කොළඹ 01.

විදාන ආරච්චිගේ මල්ලිකා, අවු: 43යි, ජා.හැ.අ.718251320ඪ, දික්කසාද, දරුවන් 01යි, ස්වයං රැුකියාවක් වශයෙන් කඩ කෑම විකිණීම.
ලිපිනය : අංක 13, ගුණතිලක වත්ත, අංක 02, ගල්වල පාර, නාගොඩ, ෙදාඩංගොඩ.    
2013.10.22 දිනදීය.

2008 වසරේදී, ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වූ, හිටපු ක`ඵතර ප‍්‍රාදේශීය සභාවේ සභාපති පී.එන්.පී. පෙරේරා (සමෘද්ධි ගාමිණී* යන අයගේ ඉල්ලීම පිට, තරුණයින් කොරියානු රැුකියාවලට යැවීමට පිරිස සොයන ලෙසත්, එ් සඳහා එක් අයෙකුගෙන් රු: ලක්ෂ 3 බැගින් අය විය යුතු බවද කිව්වා. අත්තිකරම් වශයෙන් ර: ලක්ෂ 1 1/2 බැගින් ගන්නා ලෙසටද දැනුම් දුන්නා.

මාව ඉතාලි යවන බවට පොරොන්දු වුනා.

මම හඳුනාගන්නා ලද කරුණයින්ගෙන් එකතු කරන ලද මුදල්, ඔවුන් ඉදිරිපිටදීම  - පී.එන්.පී. පෙරේරා සභාපති වරයාට ලබා දුන්නා.

ඔහු පොරොන්දු වුනා මාස 2-3කින් කොරියාවට යවනා බව. යවන්නේ කෝස් කරපු අයගේ නම් කපලා, එ් වෙනුවට මේ අයගේ නම් දාලා බව.

එහෙත්, යවන්නේ නැතිව ඉන්නකොට, මම සල්ලි ඉල්ලූවා. ඔහු ටික දෙනෙකුගේ සල්ලි වලින් කොටස් දුන්නා.

මා විසින් සභාපති පී.එන්.පී.පෙරේරා ට රු: ලක්ෂ 30ක මුදල් එකතු කර ලබා දී තිබුනා.

සල්ලි දීපු අය මට විරුද්ධව පැමිණිලි කලා. එසේ මට විරුද්ධව පැමිණිලි 11ක් දමා තිබෙනවා.

ටික දෙනෙකුට මම මාගේ ඉඩම උකස්කර සල්ලි අරන් දුන්නා. තවත් 26 දෙනෙකුට මුදල් දෙන්න තියෙනවා.

කොරයාවට යැවීමට මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මට විරුද්ධව නඩු 11ක් ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතිනවා.

මෙම පැමිණිලි අදාළව - නියම කර තිබෙන ඇප කොන්දේසියකට අනුව සෑම ඉරිදාවකම මම ක`ඵතර දකුණ පොලිසියට ගොස් අත්සන් කරනවා.

මෙම පැමිණිලි වලට ක‍්‍රියා නොකර සිටීමට - ක`ඵතර දකුණ පොලිසියේ උ.පො.ප. තෙන්නකෝන් මගෙන් රු:25,000/= ක් ඉල්ලා සිටියා. මා එය ප‍්‍රතික්ෂේප කොට - මූලස්ථාන පොලිස් පරීක්ෂකට පැමිණිලි කලා.

මෙම කාරණය තුල - ඔහු හා උසාවි කටයුතු වල නිරත වන ගුනේන්ද්‍ර නැමැති නිලධාරියා මට හිරිහැර කරනු ලබනවා.

ඉරිදා අත්සන් කරන්න යාමේදී - මා ලිංගික පීඩාවන්ට පත් කරනු ලබනවා.

2013.07.15 දින වරෙන්තුවක් ඇති බව පවසමින්, මගේ නිවසට ජනේලයකින් ඇතුලූ වූ පොලිස් නිලධාරීන් , සිවිල් ඇඳුමින්, පොලිස් කාන්තාවක් ද නොමැතිව මා අත්අඩංගුවට ගෙන, මා පීඩාවට පත් කලා. ඔවුන් සිටියේ හොඳටම බීලා.

ඔවුන් මගේ ඇඟ ස්පර්ශ කරමින්, අසභ්‍ය වචන වලින් මට බැණ වැදුනා.

පී.එන්.පී.පෙරේරා - ඔහු ලබාගත් මුදල් - ටික ටික දුන්නා. මා එ්වා මුදල් ලබාගත් අයට දුන්නා.

මෙම වසර සිට මුදල් ලබාදීම මග හරිනවා. එ් නිසා මා සියලූ විස්තර කරමින් ක`ඵතර දකුණ පොලිසියට පැමිණිලි කලා.

නමුත් ඔහු සම්බන්ධ නීතිමය පියවරක් ගනු ලබන්නේ නැහැ.

මා - ජනාධිපති මහිද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වූ, හිටපු ක`ඵතර ප‍්‍රාදේශීය සභාවේ සභාපති පී.එන්.පී. පෙරේරා (සමෘද්ධි ගාමිණී* ගේ අවශ්‍යතාවය අනුව, එම මුදල් එකතු කළේ, ඔහු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස මා තුල දැඩි විශ්වාසයක් තිබූ නිසාය.

මා එවකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක`ඵතර අසනයේ, ගුුණතිලකවත්ත, අංක 02 හි, ශාඛා ලේකම්වරියද වූයෙමි.

මා ඉල්ලා සිටින්නේ,
1. මෙම මුදල් වංචාව සම්බන්ධයෙන්, මට විරුද්ධව පමණක් නොව, හිටපු ක`ඵතර ප‍්‍රාදේශීය සභාවේ සභාපති පී.එන්.පී. පෙරේරා (සමෘද්ධි ගාමිණී* යන අයට එරෙහිවද නඩු පවරන ලෙසටත්, එ් සඳහා සාක්ෂි තිබෙන බව ප‍්‍රකාශ කරමි.

2. ක`ඵතර දකුණ පොලිසියේ උ.පො.ප.තෙන්නකෝන් ට අල්ලස් නොදීම හා එකී කරුණු හෙළි කිරීම නිසා සිදුකරන හිංසා පීඩාවන් නතර කරනා ලෙසටත්ය.


වී.එ්. මල්ලිකා

පිටපත :

ජනාධිපති - මහින්ද රාජපක්ෂ මහතා

No comments:

Post a Comment