Wednesday, October 16, 2013

පොලීසි‍යේ සරණ- බස්නාහිර පළාත් සභා‍වේ අනුග්රධහය- දීඝායු ට්රැ්වල්ස් නීතියට උඩින්.


කොස්වල සිරිධම්ම හිමියන් ‍පොලිස්පතිට හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලිඛිතව පැමිණිල්ලක් කරමින් ප්‍රකාශ කර‍න්නේ දීඝායු ට්‍රැවල්ස් බස් සමාගමේ බස් රථ - සියළු මගී ප්‍රවාහන නීති, මාර්ග නීති උල්ලංඝණය කරමින් ජනතාව පීඩාවට පත් කරමින් මගී බස් රථ ධාවනය කරන බුලත්සිංහල හල්වතු‍රේ ඒ.ඒ. නිමල් ‍සේනාරත්න නැමැත්තාට එ‍රෙහිව නීතිය ක්‍රියාත්මක ‍නොකරන බවයි.

කොස්වල සිරිධම්ම හිමියන්ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දක්වමු.

2013.10.15

01.  එන්.කේ. ඉලංගකෝන් මහතා
     පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01

02. සභාපති
    බ/ප මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය
    නො: 59
    රොබට් ගුණවර්ධන මාවත
    බත්තරමුල්ල

මහත්මයාණනි
ඉංගිරිය බුලත්සිංහල ප‍්‍රධාන මාර්ගයේ, හල්වතුර හංදියේ සිට කෝන්ගස්තැන්න හංදිය දක්වා නීති විරෝධීව පුද්ගලික බස් ධාවනය කිරීම.
බුලත්සිංහල පොලිස් වසමට අයත් ඉහත මාර්ගයේ, බුලත්සිංහල, හල්වතුර එ්.එ්. නිමල් ගුණරත්න නැමැත්තාට අයත්, ”දීර්ඝායු ට‍්‍රැවල්ස්බස් රථ,
(1) මාර්ග බලපත‍්‍ර රහිතව
(2) කිසිදු කාලසටහනක් නොමැතිව
(3) නියමිත ගාස්තුවෙන් බැහැරවූ හිතූ ගාස්තු අය කරගෙන
(4) ටිකට් පත් නිකුත් කිරීමකින් තොරව
(5) රියදුරු හා කොන්ෙදාස්තර නිල ඇඳුම් රහිතව
(6) සියලූ මාර්ග නීති උල්ලංඝනය කරමින්
ධාවනය කරනු ලබයි.
තවද, මේ ආකාරයට ධාවනය කරනු ලබන මෙම බස් රථ, ලංගම බස් රථයට නිරන්තරයෙන් බාධා කරමින් ධාවනය කරනු ලබයි.

දැනට වසර ගණනාවක් පුරා නීති විරෝධීව, ජනතාවට මහත් හිරිහැරයක් වන අන්දමට ධාවනය කරනු ලබන මෙම බස් රථ පිළිබඳව බුලත්සිංහල පොලීසියට හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට පැමිණිලි කළද කිසිදු නිත්‍යානුකූල පියවරක් ගෙන නොමැත.

විශේෂයෙන් බුලත්සිංහල පොලීසියේ අනුදැනුම හා අනුග‍්‍රහය ඇතිව මෙම නීති විරෝධී ක‍්‍රියාවේ නිරත වන බව වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමි.
ගම්වාසීන් ද මේ පිළිබඳව කරුණු දක්වා තිබේ.

සියලූ ගම්වාසීන් වෙනුවට මා ඉල්ලා සිටින්නේ,
නීති විරෝධීව මහජනයාට පීඩා වන අන්දමට සිදුකරන ඉහත බස් රථ ධාවනය නතර කරන ලෙසට සහ බස් රථ හිමි, එ්.එ්. නිමල් නැමැත්තාට සහ එම බස් රථ ධාවනය කරනු ලබන රියදුරු සහ කොන්ෙදාස්තර වරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි. 

මෙයට
විශ්වාසී

කොස්ගල සිරිධම්ම ස්ථවිර

පිටපත :-

ලේකම්, නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශය


No comments:

Post a Comment