Tuesday, October 22, 2013

මිල්ලනිය පොලිසියේ ඕ.අයි.සී.ගේ නිවට උත්සාහයක. බලයෙන් දිවුරැම් ප්රසකාශ ගන්න හදයි.




මිල්ලනිය පොලිසියේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කල පුද්ගලයෙකුගෙන් හා ඔහුගේ පවුලේ උදවියගෙන් පැමිණිල්ල ඉල්ලා අස්කරවා ගන්නට දරන ලද කූඨ උත්සාහයක් පිළිබද පුවතකි මේ.

අතුල ප්‍රියන්තට - මිල්ලනිය පොලිසිය කෘ ෘර වධ හිංසා පැමිණවූයේ 2012.11.19 දිනය.

ඔහු ඒ පිළිබදව අදාල ආයතන සියල්ලට පැමිණිලි කළේය. එම පැමිණිළි පිළිබද මූලික කරගෙන පරීක්ෂණ ආරම්භ වී තිබේ.

මෙම තත්වය තුල - අතුල ප්‍රියන්තගේ පැමිණිල්ල හා ඒ හා අදාල සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඉල්ලා අස්කරවා ගෙන, දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට - මිල්ලනිය පොලිසියේ ඕ.අයි.සී උත්සාහ ගත්තේය. ඔහුගේ නිවට ක්‍රියාවට හවුල්වී ඇත්තේ එම පොලිසියේ පො.ප.ප්‍රියන්ත හා තවත් නිලධාරියෙකි.

ඔවුන් පොලිසියට ගෙන්වා ගැනීමෙන් අනතුරුව - දිවුරුම් ප්‍රකාශ අත්සන් කරවා ගැනීමට - සාම විනිසුරු පට්ටමක් ගසාගෙන සිටින ප්‍රාදේශීය සභා නියෝජිත ගුණදාස නැමැත්තකු පොලිසියට ගෙන්වාගෙන ඇත.

අසරණ මිනිසුන්ට වධ දෙන පොලිස් කාරයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී, එයට මුහුණ දීමට නොහැකිව නිවටයින් ලෙසට ක්‍රියා කිරීම සුලබ දෙයකි. එයට හවුල් වන්නේ ඒ හා සමාන නිවට පිරිසක් වන ප්‍රාදේශීය දේශපාලකයින් ය.


No comments:

Post a Comment