Monday, October 28, 2013

”මමයි යකෝ මේකේ සභාපති” කියා අසුනෙන් නැගිට, ”කාලකණ්නියා උඹ තමයි මේ පාර හදන්න දෙන්නේ නැත්තේ ” කියමින් බණ්ඩාරගම ප්රාිදේශීය සභාවේ සභාපති මනෝජ් සංජය හා ඔහුගේ ගැත්තන් පිරිසක් මට පහර දුන්නා.

පෙදරේරුවකු වන, බණ්ඩාරගම - ආර්.ඩී.ලයනල් මහින්ද පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

මෙම පහර දීම නිසා  දින තුනක් රෝහල් ගතව සිටීමට තමාට සිදුවු බවද, මේ දක්වාම බණ්ඩාරගම පොලිසිය තමාට පහරදුන් පිරිසට එරෙහිව නීතිමය පියවර ගෙන නොමැති බවද ඔහු  වැඩිදුරටත් කියා සිටී.

ඔහු විසින් - මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට කරන ලද ලිඛීත පැමිණිල්ල පහත දක්වමු.

නීති විරෝධී ලෙස කටයුතු කරමින්, පහර දී මූලික අයිතිවාසිකම් කඩ කිරීම

රැටියලගේ දොන් ලයනල් මහින්ද පෙරේරා, අවු: 50යි, ජා.හැ.අ.631403514, විවාහක, දරුවන් 02යි. රැුකියාව: පෙදරේරු.
ලිපිනය : 54 එ් 5, අගුරුවාතොට පාර, තුත්තිරිපිටිය, හල්තොට.
2013.10.25 දිනදීය.

හල්තොට, තුත්තිරිපිටය, කොස්කන්දවත්ත පාර අබලන්ව ඇති බැවින්, මා විසින් එ් පිළිබඳව මිල්ලණිය ප‍්‍රාදේශීය ලේකම්ට ලිඛිත ලිපියක් බාර දුන්නා. එ් 2011 වසරේදී. නමුත් එ් පිළිබඳව ප‍්‍රා.ලේකම් විසින් පියවර ගත්තේ නැති බැවින්, බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවට ලිඛිත ලිපියක් බාර දුන්නා. මෙම ලිපි බාර දුන්නේ අසල්වැසියන්ගේද අත්සන සහිතවයි. එයද 2011 වසර වේ.

නමුත් පියවරක් නොගත් නිසා, `ඵතර නාගොඩ මධ්‍යම පරිසර අධිකාරියටද ලිඛීතව පැමිණීල්ලක් බාර දුන්නා. එ් 2012 වසරේදී.

එසේ තිබියදී, 2013 මුල් භාගයේදී මිල්ලණීය ප‍්‍රා.ලේ.කාර්යායේ පැවති  -  සංවර්ධන කමිටුවේ න්‍යාය පත‍්‍රයට එකතු කිරීමට පාර සම්බන්ධ ගැට`ඵව ඇතුලත් ලිපියක් ඉදිරිපත් කලා. නමුත් එයින්ද ඵලක් වුනේ නැහැ. පසුව මා 2013 මාර්තු මස බත්තරමුල්ල මධ්‍යම පරිසර අධීකාරියට ලිඛිතව පාර සම්බන්ධ ගැට`ඵව ඉදරිපත් කලා. එදිනම පලාත් පාලන පලාත් සභා අමාත්‍යංශය වෙතද එවැනිම ලිපියක් බාර දුන්නා.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් හා පාලත් පාලන අමාත්‍යංශය විසින් - වැසි ජලය බැස යන විධිමත් කාණු පද්දධතියක් සකස්කර පාර සකසා, අඩි 10 -12 පළල පාරේ බර වාහන සීමා කරලා කටයුතු කරන ලෙසට - ප‍්‍රා.සභාවේ සභාපතිට යවන ලද ලිපියේ පිටපත මා වෙත එවා තිබුනා.

එ් අතරදී මට බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවෙන් ලිපියක් ආවා පාර සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ජාවක් පැවැත්වෙන බැවින් එයට 2013.10.23 දින උදේ 10 ට බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභා මූලස්ථානයට පැමිණෙන ලෙසට.

එ් අනුව මා ඇතු`ඵ ගම් වැසියන් එයට සහභාගී වුනා. සභාපතිවරයා ප‍්‍රකාශ කලා පාර හදන්න මුදල් නොමැති බැවින් අපි කරන්නේ ගල් අල්ලන එක, එයට කැමතිද කියා. මා ප‍්‍රකාශ කලා කාණූ පද්ධතියක් අවශ්‍ය බව.

අප පිරිස 09 දෙනෙකු වු අතර, දෙදෙනෙක් ගල් අල්ලනවාට කැමති වුනා.

පසුව අපට පැවසුවා, රැුස්වීමට සහභාගී වූ බවට අත්සන් කර දෙන ලෙස. නමුත් මා අත්සන් කලේ නැහැ. මා මධ්‍යම පරිසර අධිකාරිය හා පලාත් පාලන අමාත්‍යංශය විසින් ප‍්‍රා.සභාවට එවන ලද, මට ද පිටපත් සහිත ලිපියේ පිටපත් පෙන්වා මේ ආකාරයට පාර සකස් කරනවානම් මා අත්සන් කරන්නම් කියා මා පැවසුවා.

එවිට ප‍්‍රා.සභාවේ සභාපති මනෝජ් සංජය - මමයි යකෝ මේකේ සභාපතිකියා අසුනෙන් නැගිට, ”කාලකණ්නියා උඹ තමයි මේ පාර හදන්න දෙන්නේ නැත්තේ කියා මාගේ කමිස කොළරයේ පිටුපසින් ඇද අර ගත්තා. එවිට ඔහුගේ සේවකයෙකු වන තුසිත හා තවත් කිහිප දෙනෙක්ම මට අමානුෂික ලෙස අතින් පයින් පහර දුන්නා. මට එළියට යාමට නොහැකි වන සේ ෙදාරවල් ද වසා දැම්මා. තුසිත යන පුද්ගලයා මාගේ ජංගම දුරකථනයද උදුරා ගත්තා. පහර දුන් අනෙක් අයව දුටුවොත් අඳුරන්න පු`ඵවන්.

ප‍්‍රා.සභාපති මනෝජ් සංජය මාව එතැන තිබූ කාමරයකට දැමීමට අණ කලා. තුසිත යන අය මාව කාමරයකට දමා ෙදාර වැසුවා. එම කාමරයේ සිටියේ කාන්තාවක් පමණයි.

පසුව වෙනත් ෙදාරකින් එම කාමරයට පැමිණි සභාපති මනෝජ් සංජය, ”තමුසෙට මෙක්කද වෙන්න  ඕනාකියා ඇසුවා. මම කිව්වා මට යන්න දෙන්න කියා. පසුව මට යන්න දුන්නා.

මා මාගේ බිරිඳ සමග එතැනින් පිටව ගියා. මා පිටව යන අවස්ථාවේ තෝ මගේ නම සඳහන් කරලා මොනවාහරි කරලා තිබුනොත් තොට කරන වැඬේ මම බලා ගන්නම්කියා මට තර්ජණය කලා. පසුව මා එසැනින්ම බණ්ඩාරගම පොලිසියට ගොස් සිද්ධිය අදාලව පැමිණීල්ලක් කලා. පැමිණීලි අංකය ක්‍ෂඊ ෂ 371රැු264 – 20131023 වේ. මාගේ බිරිඳගෙන්ද ප‍්‍රකාශයක් ගත්තා.

පසුව මා බණ්ඩාරගම රෝහලට ඇතු`ඵ වුනා. රෝහල්ගතවීමට පොලිසිය රෝහල් ටිකට් පතක් මට ලබා දුන්නා. මාගේ දකුණු අතේ සිට, කණ දෙසට දැඩි වේදනාවක් ඇති වුනා. දකුණු අත ඔසවා ගැනීමටද නොහැකි වුනා. මා 03 වාට්ටුවට ඇතුලත්ව, 20 ඇඳේ ප‍්‍රතිකාර ලබා ගත්තා.

මගේ ජංගම දුරකථනය මට ලබාදෙන ලෙසට මාගේ අසල්වැසියකුට ලබා දී තිබෙනවා. 2013.01.24 දින එය මට එම අසල්වැසියා විසින් ලබා දුන්නා.

2013.10.25 දින උදේ රෝහලින් මගේ ටිකට් කැපුවා.

මා දන්නා පරිදි බණ්ඩාරගම පොලිසිය, මෙම සිද්ධිය අදාළව කිහිප දෙනෙකුගෙන්ම කටඋත්තර ලබාගෙන තිබෙනවා.

මීට පෙරද ඔහුට මේ පිළිබඳව ඔහුට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ ඔහු මේකේ රජ්ජුරුවෝ මමයි, මට  ඕනා විදිහටයි මේකේ වැඩ කෙරෙන්න  ඕනා කියා පවසා සිටියා. එසේ ප‍්‍රකාශ කලේ බණ්ඩාරගම මැද්දවත්ත උප කාර්යාලයේදීය.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන මනෝජ් සංජය නැමැත්තා හා ප‍්‍රා.සභාවේ සේවකයකු වන තුසිත නැමැත්තා විසින්, නීති විරෝධීව කටයුතු කරමින්, බලය අයුතු ලෙස යොදා ගෙන, මට පහර දී, මාගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලද බවයි. මේ වන විටත් පහරදීම් නිසා ඇතිවූ වේදනාව පවතී.

මා ඉ්ලලා සිටින්නේ, මට පහර දී, මාගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලද - ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන මනෝජ් සංජය නැමැත්තා හා තුසිත නැමැත්තා ඇතු`, නම් නොදන්නා මුත් දුටුවොත් අඳුනාගත හැකි එකී පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත්නම් එ් පිළිබඳව මාහට දැනුම් දෙන ලෙසටත්ය.


ආර්.ඞී. ලයනල් මහින්ද පෙරේරා

1 comment:

  1. වැඩේ තියෙන්නෙ මේවා දැනෙගෙනත් මිනිස්සු ඊලග වතාවෙත් මේ වගේ හරක් පත්කරගන්න එක නෙව..

    ReplyDelete