Tuesday, October 15, 2013

හොඳටම බීලා හිටිය පෝද්දල ‍පොලීසි‍යේ ස්ථානාධිපති කුණුහරප කියමින් ‍කෙස් වැටි‍යෙන් අල්ලා පහර දී - ඇද‍ගෙන ‍ගොස් කූඩුවට දැම්මා.



වේසි‍යෝ කියා අමතමින්, තිත්ත කුණුහරප කියමින් තමයි ඇදගෙන ගිහිල්ලා කූඩුවට දැ‍ම්මෙ. ‍මෙ‍සේ ප්‍රකාශ කර‍න්නේ ගාල්ල වක්වැ‍ල්ලේ පදිංචි 53 හැවිරිදි කරුණාවතී මදනායක මහත්මියයි.
ඇය ‍මෙසේ ප්‍රකාශ කර  සිටී.
2013.09.21 දින දවල් 2.00 ට වැඩට ගිය පුතා අතුරුදහන් වුනා. ඒ ගැන ‍පෝද්දල ‍‍පොලීසියට පැමිණිල්ලක් දාන්න ගියාම ඒක බාරගෙන නැහැ. ඒ නිසා ගාල්ල ‍පොලීසියට ගිහිල්ලා පැමිණිල්ල දාන්න සිද්ධ වුනා.
පසුවදා, එනම් 22 දා මට දැනගන්නට ලැබුනා නංගි‍ගේ පුතාව ‍පෝද්දල ‍පොලීසි‍යෙන් අල්ලා‍ගෙන ඇති බව. ඔවුන් සමග එදින රාත්‍රියේ ‍පෝද්දල ගොස් නංගි‍ගේ පුතා ගැන හොයා බැලුවා. ‍පොලීසිය ප්‍රකාශ ක‍‍ළේ එ‍හෙම ‍කෙ‍නෙක් අත්අඩංගුවට ‍ගෙන ‍නොමැති බවයි. පොලීසියේ කීම ප්‍රතික්‍ෂේප කර අපි ‍පොලීසි‍යේම රැඳී සිටියා. ‍පොලීසි‍යේ තිබී 233 අංක දරණ ජීප් රථය එළියට ‍ගොස් නැවත පැමිණි‍යේ අතුරුදහන්ව සිටි ම‍ගේ 21 හැවිරිදි පුතා උදය කුමාරව හා නංගි‍ගේ පුතාව රැ‍ගෙනය.
ඔවුන්ව ජීප් රථයෙන් බිමට ඇද දැම්මා. ඔවුන් ‍දෙන්නාට නැගිට ගන්නට බැරි වන තරමට වධ දී තිබුනා.
දස වධ දී තිබූ පුතාව දුටු හැටි‍යේම මට කෑ ගැසුනා. එවිට ‍හොඳටම වෙරි මතින් සිටි ස්ථානාධිපති ‍පොල්ලක්ද අත ඇතිව පැමිණියා. ‍වේසි‍යෝ කියමින් පහර දී ‍කෙස් වැටි‍යෙන් අල්ලා ඇද‍ගෙන ‍ගොස් කූඩුවට දැම්මා.

පසු දින මාව බ‍ද්දේගම මෙහ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළා. 

No comments:

Post a Comment