Monday, October 14, 2013

පුතා ඉන්නේ කොහේද කියන්න - මව පොලිස්පතිගෙන් ඉල්ලයි


මම වේලක් හැර වේලක් කා ජීවත් වන්නියක්. ඒ වේල හොයා ගන්නේ පානදුර දෙනෝ දහසක් පුදන මහා බලගතු කන්දස්සාමි වැඩ හිටින කෝවිල භූමිය අතු ගාලා. මැය පානදුර මිරිස්වත්ත ප්‍රෙද්ශයේ පදිංචි ජයසීලි සිල්වාය.

2013/09/03 දින මගේ පුතාව පානදුර දකුණ පොලීසිය අල්ලා ගත්තා. වධ දුන්නා. 2013/09/05 දින උසාවි දැම්මා.මම දන්නේ එච්චරයි. පුතා කොහේද ඉන්නේ, මොකද වුනේ කියලා අහන්න පොලීසියට ගියාම බැනලා එලවනවා.

උසාවියෙන් විස්තර දැන ගන්න නඩු අංකය ඉල්ලනවා.නඩු අංකය දන්නේ පොලීසිය. ඒක මට ලබා දෙන්නේ නෑ.මට නඩු අංකය දෙන්න. මට ඕන උසාවිය පුතාට කරලා තියන දෙය දැන ගන්න. 


No comments:

Post a Comment