Thursday, October 24, 2013

පර වේසියෝ මෙතනටත් ආවාද ? පො.ප.කීර්ති සිංහ



පර වේසියෝ මෙතනටත් ආවාද කියමින් පො.ප.කීර්ති සිංහ ඔහු අත තිබූ පොල්ලෙන් මගේ උරහිසට ගැහැව්වා. කොණ්ඩෙන් අල්ලා ඔලුවට ගැහුව්වා.

මේ වෙලාවේ මම හිටියේ මගේ දෙහැවිරිදි දුව වඩාගෙන. කවිද කෙනෙක් අතේ හිටිය දුවව උදුරා ගත්තා.

දෙන්නෙක් ඇවිත් මාව ඇදගෙන පොලිසිය තුලට  ගෙන ගියා. එක්කෙනෙක් මගේ කෙස් වැටියෙන් අල්ලා ගෙන ඇදගෙන ගියේ.

තිස් හැවිරිදි අනෝමා ප්‍රියදර්ශනී, 2013.09.22වන දින, තම සැමියා වන ජගත් හේමන්තව පෝද්දල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි වී - ඔහු බැලීමට පොලිසියට ගියේ අම්මා හා ලොකු අම්මා එක්ක.

පොලිසියේදී කිව්වේ එහෙම කනෙක් අත්අඩංගුවට ගෙන නැති බව.

එහෙත් ඔවුන් පොලිසියෙන් පිටව ගොස් රැදී සිටියා. පසු දින (23) අලුයම2.00 ට පමණ, පොලිස් නිලධාරියෙක් ජීප් එක අරගෙන යනවා ඔවුන් දැක තිබේ.

ටික වේලාවකින් ආපහු පැමිණී ජීප් රථයේ දොර ඇර, තම සැමියාවත්, චතුරංග උදය කුමාර බිමට ඇද  දමා තිබේ.

ඒ අවස්ථාවේ ඔවුන් වේදනාවෙන් කෑගසා තිබේ.

බීමත්ව සිටි ස්ථානාධිපති පො.ප.කීර්තිසිංහ ඔවුන්ට පහර දී ඇත.

ඇය වේදනාවෙන් තම දෙහැවිරිදි දරුවා අඩමින් ඉල්ලා ඇත. එහෙත් එක් පොලිස් කාරයෙක්වත් ඇගේ දරුවාට මොකද වුනේ කියා පවසා නැත.

එදින උදේ 9.30 පමණ, ඇගේ සොයුරියක් දරුවාව ගෙනවිත් කූඩුවේ සිටි ඇයට බාර දී තිබේ.

පහර දෙන අවස්ථාවේ ඇගෙන් උදුරා ගත් දෙහැවිරිදි දරුවාව ත්‍රී රෝද රථ රියදුරකු අතේ, ඇගේ නිවසට පොලිසිය එව්ව බව සොයුරිය ඇයට පවසා තිබේ.

කිසිදු ආහාරයක්, බොන්නට වතුර ටිකක් නොදුන්න පොලිසිය බද්දේගම රෝහලට ගෙනගොස් - එහි වෛද්‍යවරයෙකුට පෙන්වා, පරීක්ෂා කිරීමකින් තොරව අධීකරණ වෛද්‍ය පෝරමය පුරවාගෙන තිබේ.

ඉන් පසු බද්දේගම මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කොට, එම මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

පොලිසිය ඉදිරිපත් කරන ලද බොරු තොරතුරු වාර්තාව පදනම් කරගෙන ඇයගේ, දෙහැවිරිදි දරුවාත් - දින 07ක් ගාල්ල බන්ධනාගාරයේ රදවා දඩුවම් කර ඇත. ඒ පිළිබදව ඇය පැමිණිලි කලද පොලිස් අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව ඇය ප්‍රකාශ කරයි.

එමෙන්ම පොලිසියේ අවශ්‍යතාවයට බන්ධනාගාරගත කර, තමාත් තම දියණියත් පීඩාවට පත් කිරීම ගැන ප්‍රශ්ණ කරන්නේ - යුක්තිය කියන්නේ මේකදැයි ප්‍රශ්න කරමින්ය.



1 comment:

  1. බොහොම කණගාටුදායක් තත්වයක්.. දෙහැවිරිදි දරුවෙක් කිය්න්නෙ ලොකු ළමයෙක් නෙමෙයි..

    ReplyDelete