Wednesday, October 30, 2013

පානදුර ප්රා්දේශීය සභාවේ, රාජපක්ෂ පාක්ෂිකයෙකු වන හේමන්ත ප්ර්නාන්දු බලහත්කාරයෙන් වත්තට පැන සේවකයෙකුට පහර දුන්නා.


පානදුර, ගාලු පාරේ පදිංචි කාරියක වන සුමිත්‍රා ලක්ෂ්මි මහත්මිය මෙම පහරදීම අදාළව නීතිය ක්‍රියාත්මක නොවන බව ප්‍රකාශ කරන අතර, ඒ පිළිබදව ඇය මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පති වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල මෙසේය.


 01. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01

02. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08


03. ලේකම්
    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය
    6 වන මහල
    රේණුකා ගොඩනැගිල්ල
    කොළඹ 01



බලහත්කාරයෙන් වත්තට පහර දුන් ප‍්‍රාදේශීය සභා නියෝජිතවරයාට එරෙහිව නීතිමය පියවර නොගැනීම

වන්නි ආරච්චිගේ සුමිත‍්‍රා ලක්ෂ්මී විජේසුන්දර, අවු: 63 යි, (වැන්දඹු) දරුවන් 01 යි.

ලිපිනය: 248, ගාලූ පාර, වලාන, පානදුර. දුරකතන අංකය: 075 5734442
2013.10.23 වන දින දීය.

2013.08.06 වන දින රාත‍්‍රී 8.30 ට පමණ, පානදුර ප‍්‍රාදේශීය සභාවේ නියෝජිතයකු වන, පානදුර, `ඵදෑවල, මැල් වත්ත පාර, අංක 248 හි පදිංචි වඩුගේ හේමන්ත ප‍්‍රනාන්දු යන අය
(ජා.හැ.අ. 6810133857* තවත් තිදෙනෙකු සමග පැමිණ, තාප්පයෙන් පැන බලහත්කාරයෙන් වත්තට ඇතු`ඵ වී, මාගේ සේවකයෙකු වූ, ඞී.සී. නිමලසිරි යන අයට අතින් පයින් පහර දී, පැන යන ලදි. මා, එ් අවස්ථාවේ 119 හදිසි ඇමතුම් අංකයට කතා කොට සිද්ධිය දැනුම් දුන්නා.

රාත‍්‍රී 10.00 ට ආසන්න වන විට, 119 හදිසි ඇමතුමට අනුව, යතුරුපැදියකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණියා.

ඔවුන්ට කාරණය පැහැදිලි කරීමෙන් පසුව ඞී.සී. නිමලසිරිව පානදුර දකුණ පොලීසියට යවන ලදි.

ඔහු විසින් කරන ලද පැමිණිල්ලේ අනු අංකය ක්‍ෂඊ 96රැු1082013.08.06 වේ.

පොලීසියෙන් ඔහුව රෝහල් ගත කර නොමැත.

පසුදින 2013.08.07 දින උදේ 6.30 ට පමණ පානදුර දකුණ පොලීසියට ගොස්, මාගේ සේවක, ඞී.සී. නිමලසිරිට පහරදීම හා මට බැන වැදීම පිළිබඳව පැමිණිලි කළා.

පැමිණිලි අංකය :  CIB 2- 78-129 හා 2013.08.07 වේ.

මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් දැනට මාස දෙකක් ඉකුත් වී ඇත.

නමුත් අද දින දක්වාම මෙම අපරාධය හා සම්බන්ධයෙන් පානදුර ප‍්‍රාදේශීය සභාවේ නියෝජිතයකු වන (ආණ්ඩු පක්ෂයට අයත්) පානදුර, `ඵදෑවල, මැල් වත්ත පාර, අංක 248 හි පදිංචි වඩුගේ හේමන්ත ප‍්‍රනාන්දු යන අයට එරෙහිව නීතිමය පියවර ගෙන නොමැති බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.
මෙම සිද්ධියට පෙර මොහු, එනම් පානදුර, `ඵදෑවල, මැල් වත්ත පාර, අංක 248 හි පදිංචි වඩුගේ හේමන්ත ප‍්‍රනාන්දු යන අය විසින්, මාගේ නිවසට අලාභ කිරීම, චෙක් පතක් වංචා කිරීම අදාලව පැමිණිලි පහක් කර ඇත. එ් එකදු පැමිණිල්ලක් සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවද මෙහිදී සඳහන් කරමි.

මා ඉල්ලා සිටින්නේ,
පානදුර, `ඵදෑවල, මැල් වත්ත පාර, අංක 248 හි පදිංචි වඩුගේ හේමන්ත ප‍්‍රනාන්දු යන මොහු කුමණ තනතුරක් දැරුවත් මොහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම නීතිමය පියවර ගැනීම පැහැර හරින ලද අදාල සිය`ඵම නිලධාරීනන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද ඉල්ලමි.

මෙය මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද ප‍්‍රකාශ කර සිටිමි.



වන්නි ආරච්චිගේ සුමිත‍්‍රා ලක්ෂ්මී විජේසුන්දර

No comments:

Post a Comment