Monday, September 30, 2013

මස් කඩ මුදලාලි ‍ගේ හයිය අරන් අපරාධ කරපු වැලිගම ‍පොලීසි‍යේ පො.ප.කාලිංග නීතියට උඩින්ද?

 ආ ය‍කෝ, උඹ කඩ හදන්න මල්ලී හදන්න බැරි එකා  කියමින් වැලිගම ‍පොලීසියේ ස්ථානාධිපති පො.ප. කාලංග, එච්.එම්. අකිලට පහර දු‍න්නේ තිහ හතලිහක් බලා‍ගෙන හිටියදීය. ඒ 2013.09.20 වන දින උ‍දේ 11.00 ට විතර. බරක්ක ‍හෝටල‍යේදී.

කුණුහරප කියමින් බැණ තර්ජනය කරමින්. ඉන්පසු මාංචු දමා ජීප් එකට දා‍ගෙන, රැගෙන යන අත‍රේ, වැලිගම ‍මෙත්තානන්ද ලී ‍මෝල ඉදිරිපිට ජීප් රථ‍යෙන් ඇද, දී බිම දමා ‍පොල්ලකින් ගැසුවේද මහ මග යන අයට ‍පේන්න.

ඊට ප‍ස්සෙ ඔහු‍ගේ මල්ලී වන අජි‍ත්ගේ බිරි ‍ගේ නිවසට ‍ගොස් පොලීසියට ගෙනවිත් කූඩුවට දැම්මා.

මේ වන විට වැලිගම ‍පොලීසි‍යේ මාතතර සහකාර ‍පොලිස් අධිකාරී රංජිත් සිල්වා ද සිටියා.

ඔහුව කූඩුවට දමා රාත්‍රී 9.00 ට විතර ‍පොලිස් ඇප ‍කොළයකට අත්සන් ‍ගෙන මුදා හැරියා.

මේ සිද්ධිය  හා සමගාමීව ‍පො.ප. කාලිංග අකිල‍ගේ ‍සෙ‍හොයුරාට පහර දී ඔහු‍ගේ වම් අත කඩලා. ‍මේ අපරාධය මාතර සහකාර ‍පොලිස් අධිකාරී 3 රංජිත් සිල්වාද හවුල් බව අකිල අවධාරණ‍යෙන් ප්‍රකාශ කරනවා.

සමථ මණ්ඩලයට දැමිය යුතු බව ‍දෙපාර්ශවයම එක්ව බේරුම් කර ‍ගෙන තිබූ සුළු සිද්ධියකට ‍මේ ආකාරයට සහකාර ‍පොලිස් අධිකාරී රංජිත් සිල්වා හා ‍පො.ප. කාලිංග ක්‍රියා කිරීමට ‍හේතුව   හරක් මස් ”  වලට ති‍බෙන බලය විය  හැකිද?

මේ ප්‍රශ්නය අප නග‍න්නේ, මස් කෑමේ ආදිනව කියන, ‍බෞද්ධ යයිද, බුද්ධිමතුන් යයිද, කියා ගන්නා පිරිසක් ජාතික මාධ්‍ය දඩමීමා කර‍ගෙන, ‍තොර ‍තෝංචියක් නැතිව දෙසන බණ අසාය.

No comments:

Post a Comment