Thursday, September 12, 2013

දෙවියන් කුමකටද? පොලිසිය ඉන්න කොට!

කතෝලික සභාව, මව තුරුල්ලෙන් වෙන්කොට හදා වඩාගත් දෙව් පුතුන් මහමගට ඇද දමන්නට පිහිට පැතුවේ - දෙවියන්ගෙන් නොව පොලිසියෙනි.

කඵතර, කටුකුරුන්දේ - කතෝලික සභාව විසින් පවත්වාගෙන යන "මාක් ශ්‍රී "සරණ ආයතනය විසින් උපන් හැටියේම මවගෙන් වෙන්කොට මේ දෙව් පුතුන්ව ඇති දැඩි කළේ - දෙස් විදෙස් ආධාර ලබාගෙනය.

එය දෘශ්‍යමාන වූයේ ආනාථ වූවන් රැක බලාගෙන සමාජ ගත කරන්නට දරන්නාවූ මහගු සේවාවාක්, සත්කාරයක්  ලෙසටය.

විශේෂයෙන් විදෙස් ආධාර ගලා ආ මෙම ආයතනය - ග්‍රේස් කුමරි අනාථ නිවස ඉදි කළේ - එම අනාථයින් ලෙසට ලේබල් ගැසූ දූ පුතුන් සදහාම  බව කියමින්ය.

මෙම දූ පුතුන් - පළව හැරීමේ වැඩ සටහන ගිය වසර මැද භාගයේ ක්‍රියාත්මක විය. ඒ සදහා කතෝලික සභාවේ එහි භාරකාරව සිටි පූජක තැනව මාරු කරන ලදි.

ලෙස්ටර් විජේසූරිය පූජක තැන පත් කළේය. ඔහු මෙම අනාථ නිවසේ නඩත්තුව සදහාම බවට ප්‍රකාශිත හල්කදවිල අක්කර 30කට වැඩි බූමි භාගයක පිහිටි පොල්, තේ, කුඹූරු වලින් සමන්විත සත්ව ගොවිපොල වසා දැම්මේය.

එය දැන් ජරා වාසයට පත් වෙමින් තිබේ. මන්ද බුද්ධික ලමුන් සදහාවූ නිවසේ 11 කු සිටි - ඔවුන් දැන් ළමුන් නොවේ. වැඩිහිටියෝය.

ග්‍රේස් කුමරි ළමා නිවාසයේ ගැහැණූ ළමුන් බලපෑම් හමුවේ ඉවත්ව යන ලදි. ඔවුන්ට කුමක් වූවාද කියා දන්නා කෙනෙක් නැත.

පිරිමි ළමුන් - තම අයිතිය ප්‍රකාශ කළේය. පූජක ලෙස්ටර් විජේසූරිය, ළමුන්ට බලපෑම් කරන්නට, පයාගල පොලිසිය අතකොලුවක් කර ගත්තේය.

අඩදබර කරගත් විට, නිවසේ යමක් අස්ථානගතවූවිට ඔහු කළේ- ක්‍රියාශීලී ළමුන් පොලිසියට ගෙන යාමය. ඉන් පසු ලයිට් කැපුවේය. තවමත්  ළමුන් සිටින්නේ අදුරේය.  වතුර කපන්න උත්සාහ ගත්තේය.

පයාගල පොලිසිය හා එක්ව පළමුව 5 දෙනෙකුට නඩු පැවරුවේය. දැන් එය 15 දෙනෙකු දක්වා වැඩිකර ඇත. එක නඩුව වෙනුවට තවත් නඩුවක් පැවරුවේය.

ළමුන්ට නිවසින් පිටවෙන්නැයි කළුතර අතිරේක මහේස්ත්‍රාත්වරිය පළමු දිනයේ වාචිකව නියම කළේය. දෙවන දිනයේ නියෝගයක් කළේය. ඒ පිළිබදව මහාධිකරණයට ගියද ඵලක් නොවින. ඉන් පසු අභියාචනාධිකරණයට ගියේ, කඵතර මහේස්ත්‍රාත්වරියගේ තීන්දුව හා මහාධීකරණයේ තීන්දුව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කළේය.

නඩුව ඉවර නොවනු ඇත. පවතින යුක්තිය පසදලීමේ ක්‍රියා පටිපාටිය තුල අනාථවූ දරුවන් තව තවත් අනාථවනු ඇත. කතෝලික සභාවට පොලිසියේම පිහිටයි.


විස්තර ඉදිරියට.

No comments:

Post a Comment