Wednesday, September 18, 2013

බැනර් එකේ දිවි නැගුම- කරන්නේ දිවි තොරකිරීම ආශ්චර්ය දැන් තේරිලා.

රු: 50,000/=ක් ඉල්ලුවා. දෙන්න බැහැ කිව්වා. රු: 30,000/=ක් දෙන්න කිව්වා. දෙන්න බැහැ කිව්වා.
ලොරියේ යතුරු කඩා, ලී පටවාගෙන පොලිසියට ගෙනහිල්ලා, බොරු නඩුවක් දැම්මා.
මුණූපුරාව රිමාන්ඩ් කලා. මාස 07ක් තිස්සේ ලොරිය පොලිසියේ- දිරා පත් වෙනවා.
ජීවිත කාලයම හොරයක් බොරුවක් නැතුව හරි හම්බ කර ගත් දේ - ඌරගස්මංහන්දිය පොලිසිය මංකොල්ල කෑවා. උසාවිය පොලිසිය කියන දේ අහනවා. නීතිඥවරයා කිසිවක් කියන්නේ නෑ. හිතේ අමාරුවට අම්මා මැරුනා. තාත්තාගේ වයස අවුරුදු 80යි.
පොලිසිය, උසාවිය, ලොරිය නිදහස් නොකර පොලිසියේ තියාගෙන ඉන්න දෙන්නේ ඇයි?
ප්‍රශ්ණ කරන්නේ, ඌරගස්මංහන්දියේ රත්න ලී මොලේ අයිතිකරු 80 හැවිරිදි ජිනදාස මහතාගේ දියණියයි.

සිද්ධිය අදාලව - ජිනදාස මහතා පොලිසියට හා මානව හිමිකම් කොමිෂමට පසුගියදා ලිඛිතව පැමිණිල්ලක් කළේ - අධිකරණයෙන් යුක්තිය ඉටුවේය යන බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවීම නිසාය.

පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ මෙසේ සදහන්වේ.

ගේට්ටුව කඩා, බලහත්කාරයෙන් ලී මෝලට ඇතු`ඵ වී දැව කොටන් හා වාහනය පැහැරගෙන ගොස් ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම.

සීමන් ආරච්චිගේ ජිනදාස. අවු: 80යි. විවාහක. දරුවන් 04යි. ඌරගස්මන්හංදිය හ රත්න ලී මෝල - අයිතිකරු. ලිපිනය : රත්න වාස, පතිරාජ පෙදෙස, ඌරගස්මන්හංදිය. 2013.09.13 දිනදීය.
01. 2013.02.27 වන දිනසවස 5.50ට පමණ, මාගේ ලී මෝලේ ගේට්ටුව කඩා, ඇතු`ඵ වූ ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ ,

    1. සැරයන් ජයතිලක - (සිවිල් ඇඳුමින් පැමිණි. මොහු ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ
       නඩු මෙහෙයවනු ලබන්නා වේ.)
    2. සම්පත්  සිල්වා - (සිවිල් ඇඳුමින් පැමිණි)
    3. උ.පො.ප.නවරත්න (නිල ඇඳුමින් පැමිණි)
   4. රුත‍්‍රිගු (පොලිස් පරීක්ෂකවරයෙකි. සිවිල් ඇඳුමින් පැමිණි)
   5. සිල්වා නොහොත් බුලත්විටි සිල්වා (සිවිල් ඇඳුමින් පැමිණි)

   6. පො.කො.අමරේ (නිල ඇඳුමින් පැමිණි)
   7. මෙයට අමතරව තවත් පිරිසක් පැමිණියා. ඔවුන් සියලූ දෙනා පැමිණියේ ජීප් රථ දෙකකින්ය.
      මොවුන්ගෙන් පස් දෙනෙක් සිටියේ බීමතින්ය.
මොවුන් මට අයත් වාහනය, බලයෙන් රැගෙන, එයට ඉරීමට ගෙන එන ලද ලී කඳන් 30ක් පටවාගෙන රැගෙන යන ලදි.
02. එයට පෙර, මාගේ පමුණූපුරා වන 20 හැවිරිදි තිවංක හංසමාල් අබේවර්ධනව අත්අඩංගුවට ගන්නා ලදි.
03. පසු දින එනම් 2013.02.28එ - ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද, අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමාගේ මුණූපුරාව රක්ෂිත බන්ධණාගාරගත කරවනු ලැබීය.
04. මේ දක්වාම එනම් මාස 07ක් වාහනය ඌරගස්මංහන්දිය පොලිසියේ දිරාපත් වීමට ඉඩ හැර ඇත.
රැගෙන ආ කඳන් වලින් කොටන් 13ක් පොලිසිය සොරගෙන ඇත.
05. ඌරගස්මංහන්දිය පොලිසියේ ස්ථානාධිපති විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවට
     අනුවද සිද්ධිය අදාලව මා හෝ මාගේ මුණූපුරා වන තිවංක හංසමාල් අබේවර්ධන කිසිඳු
     සම්බන්ධයක් නැත.
06. මේ ආකාරයට, මෙම සිද්ධියට පටලවා, බොරු නඩුවක් දමා, වධහිංසාවට පත් කිරීමට
     හේතුව වන්නේ - මාගෙන් ඉල්ලා සිටින ලද රු: 50,000/= දීම ප‍්‍රතික්ෂේප කිරීමය.
මෙම මුදල ඉල්ලා සිටියේ රුද්‍රිගු නැමැති නිලධාරියා ය.
මෙම කාරණය පිළිබඳව - මා

1. දකුණ දිසාව බාර - නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත (2013.03.01 දින)
2. ඇල්පිටිය පොලිස් අධිකාරී වෙත
3. ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරීවරයා වෙත
පැමිණිලි කරන ලද බව ප‍්‍රකාශ කරමි.
නමුත් එම පැමිණිලි සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් කිසිඳු පියවරක් නොගන්නා ලද බවත්, එයට හේතුව එම නිලධාරීන්ද එයට සම්බන්ධ නිසා විය හැකි බවද ප‍්‍රකාශ කරමි
මා ඉල්ලා සිටින්නේ,

01. විශේෂ කණ්ඩායමක් යොදා මෙම සිද්ධිය අදාළව පරීක්ෂනයක් පවත්වන ලෙසටත්,
02. අල්ලස් නොදීම හේතුවෙන් බොරු නඩු දමාජීවිත විනා කිරීමට ඉඩ නොදී, නොපමාව මැදිහත්ව - මෙම බොරු නඩුව ඉවත් කර, මාගේ වාහනය හා දැව නැවත ලබා දීමට පියවර ගන්නා ලෙසටත්,
03. නීති විරෝධී ලෙස කටයුතු කරනු ලැබූ ඉහත නම් සඳහන් එකී නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්ය.

එස්.ඒ.ජිනදාස මානව හමිකම් කොමිසමට 2013.05.17   දින අංක HRC 1805/13 යටතේකරන ලද මුල් පැමිණිල්ල  ගැන සදහන් කරමින්,  ඉල්ලා සිටි පරිදි තමන් සිද්ධිය හා අදාලව සාක්ෂි වශයෙන් දිවුරුම් ප‍්‍රකාශ 05ක් ඔබ කොමිෂම වෙත බාර දී ඇති බව සිහිපත් කරයි. එහෙත් මේ දක්වාම එකී පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භකර නොමැති බව පෙන්වා දෙයි.

No comments:

Post a Comment