Wednesday, September 18, 2013

පොලිස් වධකයින් තෘප්තිමත් කරන්න අසරණයින්ව රිමාන්ඩ් කරයි.

පේන්ට් වැඩ කර දෙන්න එන්න යයි කියා පොලිසියට එක්කගෙන ඇවිත්, දින 04ක් රදවා තබාගෙන, බොරු නඩුවක් දැම්මා.

04 වෙනි දවසේ 04ට උසාවියට ගෙන ආවා. නඩුකාරයාට පොලිසිය කොළ දෙකක් දුන්නා. මාව රිමාන්ඩ් කලා. පස්සේ දවසක ඇප දුන්නත් සල්ලි හොයාගන්න බැරිව රිමාන්ඩ් එකේම ඉන්න වුනා

තිස් හය හැවිරිදි තිදරැ පියෙක් වන ආර්.එම්.වීරසිංහ මේසන් වැඩ, පේන්ට් වැඩ කර ජීවත් වෙන කෙනෙක්. තමන්ට බණ්ඩාරගම පොලිසිය වධ දුන්න හැටි විස්තර කරමින් පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

‘‘රත්නායක මුදියන්සේලාගේ වීරසිංහඅවු: 36යිජා.හැ.අ.761153498V, විවාහකදරුවන් 03යිරැුකියා : පෙදරේරු/තීන්ත වැඩ.
ලිපිනය : 10උඳුගොඩ මාවතබණ්ඩාරගම. දු.අ.0375680361
2013.09.14

2013.07.06 වන දිනඋදේ 8.00 ට - බණ්ඩාරගම පොලිසියේ සැරයන් රණවීර යතුරු පැදියෙන් පැමිණපොලිසියේ පේන්ට් වැඩක් තියෙනවා යන් කිව්වා.

මම එ් වෙලාවේ කියා සිටියාමගේ අත් දෙක පෙන්වා රත්තයා දාලා වන වෙලාපේන්ට් වැඩ කරන්න බැහැ කියා.

ඔහුග්ලවුස් දෙකක් දෙන්නම්පොඩි වැඩක් තියෙන්නේ කියා මට බල කලා.

එ් අනුවඔහුගේ යතුරු පැදියෙන්ම මම බණ්ඩාරගම පොලිසියට ගියා. මාව ගිය ගමන් කූඩුවට දැම්මා. ඔහු කියා සිටියාඋඹව ගෙන ආවේ මොකටද කියලා උඹ දන්නවාඅරුන් දෙන්නා පාවා දුන්නා කියා.

අරුන් දෙන්නා කිව්වේ - රුවන්ට සහ ජනක යන දෙන්නාට.

මාව දින 04ක් පුරාවටකූඩුවේ තියාගෙන හිටියා. එම දිනවල දවල්ට හා රෑට කෑම දුන්නා.

2013.07.11 වන දිනප:ව:2.00 ට පමණ මාගේ ප‍්‍රකාශයක් ගත්තා. මගෙන් එයට අත්සන් ගත්තා. කියා තේරුම්කර දුන්නේ නැහැ.

එදින ප:ව:4.00 ට පමණපානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. මහේස්ත‍්‍රාත්තුමා හිටියේ ඔහුගේ නිල කාමරයේ. මාව මහේස්ත‍්‍රාත්ට ඉදිරිපත් කලා. නමුත් මට කතා කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ.

පොලිස් නිලධාරීන්මහේස්ත‍්‍රාත්ට කොළ දෙකක් ඉදිරිපත් කලා. මාව බන්ධනාගාරගත කරල බව ප‍්‍රකාශ වුනා. මීලඟ නඩු දිනය 2013.07.11 බව ප‍්‍රකාශ කලා.

මාව කඵතර බන්ධනාගාරයට ගෙන ගියා. පසු දින එනම් 2013.07.11 දිනමාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. මා සමග මීට පෙර බන්ධනාගාරගත කර තිබූ රුවන්ව හා ජානකවද ගෙන ආවා. අධිකරණයේදී මා දැනගත්තා මට විරුද්ධව නඩු 02ක් දමා තිබෙන බව.

එකක් ට‍්‍රැක්ටර් බඩු කඩයක් කඩාරු: 22,000/=වටිනා බඩු සොරකම් කල බව.
අනෙක් නඩුව කඩයක් කඩාඔක්සිජන් බෝතල් දෙකක් සොරකම් කිරීමය.

එදිනඅප වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දෙදෙනාඅප නිවැරදිකරුවන් බව ප‍්‍රකාශ කලා. නැවත රිමාන්ඞ් බාරයට පත් කලා. මීලඟ නඩු දිනය වූයේ - 2013.07.18 දිනදඇප ලබාදුන්නේ නැහැ.

2013.07.25 දිනඅපට ඇප නියම කරනු ලැබුවා. එක් අයෙකුට රු: 25,000/= බැගින් මුදල් ඇප,රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප 2ක් නියම කලා. මට මුදල් හොයාගන්න බැරි වුනා. එ් නිසා මට 2013.08.22 දක්වාම බන්ධනාගාරගතව සිටින්නට සිදුවුනා.

මීට පෙර 2013 මැයි මස දින 04ක් පොලිස් අත්අඩංගුවේ තබාගෙන නිදහස් කලා. එහිදී මා සමග රුවන් කුමාරවිපුලේ යන අයද අත්අඩංගුවට ගෙන තිබුනා. එ් අවස්ථාවේදීත් අත්අඩංගුවට ගනු ලැබුවේ බණ්ඩාරගම පොලිසිය අසල කඩයක් කැඞීම සම්බන්ධයෙන් සැක පිට. එම දින 04 පුරාම මට පහර දුන්නා යයි කියා සිටි.

ඔහු ඉල්ලා සිටින්නේ, තමාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙනව්‍යාජ නඩු පවරාමාස 1 1/2කට ආසන්න කාලයක් බන්ධනාගාරගත කරදැරිය නොහැකි ඇප කොන්දේසි දම්මවා වධහිංසා පැමිණවීම තුලින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරිමට එරෙහිව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධීපතිසැරයන් රණවීර සහ අදාළ අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායානුකූල පියවර ගන්නා ලෙසටයි.


No comments:

Post a Comment