Sunday, September 29, 2013

වැඩිහිටියන් අසීමිත තෘප්තියක් ලබන සිඟිති රූප රාජිනී තරඟ.

අවු 18 ට අඩු, විවිධ වයස් කාණ්ඩ වලට අයත් ගැහැණු ළමුන්, රූප රාජිනී තර වලට ‍යොදවා ගැනීම මගින් සිදු කරන ළමා මනස විකෘති කිරීම ගැන අවධානය ‍යොමු වූ රටවල්    මේ තරඟ තහනම් කිරීම ‍කෙරෙහි අවධානය ‍‍යොමු කර ති‍බේ.
ප්‍රංශය, දැනටමත් සිඟිති රූප රැජිනි තරඟ තහනම් කිරීමට පියවර ‍ගෙන ඇත. එම රටවල ම‍‍නෝ විද්‍යඥයන්, සමාජ  විද්‍යාඥයන්, ළමා අයිතීන් සුරකින්නන් ‍මෙම සිඟිති රූප රාජිනී තරඟ වලින් ගැහැණු ළමුන්‍‍ගේ මනසට කරනු ලබන හානිය  ‍‍පෙන්වා ‍දෙන ලදි.
රූප ලාවන්‍ය ‍ක්‍ෙෙෂ්ත්‍ර‍‍යේ  නියැ‍ලෙන හා රූපලාවන්‍ය භාණ්ඩ ‍වෙළඳුන්, නිෂ්පාදකයින් මෙ‍හෙය වන ‍මෙම තරඟ වලට මාධ්‍යයද සම්බන්ධ කර‍ගෙන ති‍බේ.
ලංකාවද මහා පරිමාන‍යෙන් නැතත් අවුරුදු උත්සව, පාසැල් උත්තසව, මූලික කර‍ගෙන
“සිඟිති කුමරි”  තරඟ පවත්වනු ලැ‍බේ.

බැලූ බැල්මට ‍මෙය අහිංසක  ‍දෙයක් බව‍ට  ‍‍පෙනෙන මෙම තරඟ වලින් අසීමිත වින්දනයක් ලබන්‍‍නේ සිඟිත්තන් නොව වැඩිහිටියන්ය.

මේ පිලිබඳව ශ්‍රී ලාංකික ජනයාගේ අවධානය ‍යොමු විය යුතුය.

මීට කලකට ‍පෙර ප්‍රංශෙය් පවත් වන ලද සිඟිති රූප රාජිනී තරඟයක්.

වීඩි‍යෝව

No comments:

Post a Comment