Saturday, September 28, 2013

පාරේ ඉදලා අල්ලාගෙන ගොස් බොරු නඩු දමා රිමාන්ඩ් කරවයි.

කප්පන් නොදීම නිසා, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීම අද සුලබව සිදුවන්නකි.
කොස්ගොඩ පොලිස් වසමේ පදිංචි කරුවකු වන ජයරත්න ගොවිතැන් කරන්නෙකි.

ඔහු ගංජා පානය කිරීමට පුරුදුව සිටි අයෙකි. එම තත්වය උපයෝගී කරගෙන ඔහුගෙන් කප්පම් ගැනීමටත්, බොරු නඩු දැමීමටත් පොලිසිය පටන් ගන්නා ලදි.

ගංජා පානය අත්හල ජයරත්න, පොලිසියට කප්පම් දීම හා නඩු ලාබදීම ප්‍රතික්ෂේප කළේය. මෙම තත්වය තුලද, ඔහුට නිදහසේ ජීවත්වීමට කොස්ගොඩ පොලිසිය ඉඩ දුන්නේ නැත. මේ පිළිබදව ජයරත්න, 2013.09.12දාතමින් පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට ලිඛිතව පැමිණිලි කර සිටියේය.

කරුණු එසේ තිබියදී, 2013.09.24 වන දින ප: ව: 5.00 පාරේ හරකා බදිමින් සිටි ජයරත්නව අත්අඩංගුවට ගෙන, 2013.09.25 දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

ගංජා ජාවාරම් කලායැයි අභූත චෝදනා නගමින් ඔහුව ඉදිරිපත් කිරීම නිසා, නීතියට අනුව - රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට සිදුවිය.

ළග තිබූ බවට පොලිසිය ප්‍රකාශ කරන ලද ගංජා , අද දින අධිකරණයට ඉදිරිපත් කර නොතිබින. එසේ තිබියදීත්, පොලිසියේ වාර්තාවට අනුව අද ඔහුව රිමාන්ඩ් කර ඇත.

ජයරත්න මයාගේ බිරිද - නිල්මිණි මහත්මිය, කොස්ගොඩ පොලිසියට විරුද්ධව 2013.09.26 දින මානව හිමිකම් කොමිෂමට මේ ගැන පැමිණිලි කළේය.

බොරු නඩු දැමීමට එරෙහිව උ.පො.ප.ජානක, සිවිල් ආරක්ෂක නිලන්ත හා ස්ථානාධිපති වගකිවයුතු බවඇය අවධාරණය කර සිටී.

No comments:

Post a Comment