Thursday, September 26, 2013

ස්ත්‍රින් තිදෙනෙකු, දෙහැවිරිදි දරුවකු ඇතුලු එකම පවුලේ හය දෙනෙකු පෝද්දල පොලිසියේ තබාගෙන වධදි උසාවි දෙකකට දාලා.

පසුගිය 21 හා 22 යන දිනයන්හී, අත්අඩංගුවට ගත් - ගාල්ල, වක්වැල්ලේ පදිංචිකරුවන් වන මොවුන් පිළිබදව ඥාතීන් ගාල්ල පොලිසියට හා මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නද, පෝද්දල පොලිසිය පවසා ඇත්තේ එවන් පුද්ගලයින් තම පොලිසියේ නැති බවයි.

එහෙත් ඥාතීන් මගින් මේ පිරිසට තුන් වේලටම කෑම ගෙන්වන පෝද්දල පොලිසිය, මේ වන විට එක් අයෙකුගේ කකුල කඩා දමා ඇතැයිද කියති.

මේ පිළිබදව පොලිස්පති, මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිලි කරන, චමින්ද කුමාර, ඉල්ලා සිටින්නේ -  පෝද්දල පොලිසියේ නීති විරෝධී ලෙසට රදවා තබාගෙන වධ හිංසා දෙන තම ඥාතීන් වෙනුවෙන් ඉදිරිපත් වන ලෙසටයි.

දැනට අත්අඩංගුවේ තබාගෙන, වධ හිංසාවට පත් කරනු ලබන්නේ උදය කුමාර, හේමන්ත කුමාර , සුමිත්‍රා දමයන්ති, අනෝමා ප්‍රියදර්ශනී, මාලනී මදනායක හා දෙහැවිරිදි දරුවාය.

 ඊයේ මෙම පිරිසෙන් ස්ත්‍රින් තිදෙනාව බද්දේගම මහේස්ත්‍රාත් උසාවියටද, පිරිමින් දෙන්නාව ගාල්ල මහේස්ත්‍රාත් උසාවියටද ඉදිරිපත් කොට රිමාන්ඩ් බාරයට පත්කරවනු ලැබීය. නීතිය නොදන්නා එහෙත් යුක්තිය හුනන පිරිස් අසන්නේ එකම පවුලේ එකම කාරණයකට අත්අඩංගුවට ගෙන උසාවි දෙකකට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියාය.


මේ වන විට ජනාධිපති රාජපක්ෂ විසින්, “නීතිය හා සාමය නමින් අමාත්‍යංශය පිහිටුවා , එහි ඇමති පදවිය තමන් විසින් තමන්ට පවරාගෙන පොලිස් දෙපාර්තුමේන්තුව ඒ යටතට ගෙන පොලිසිය යොදවා , ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරවමින් දුෂණය හා අක්‍රමිකතාව රජ කරවන මනාව ඔප්පු කරන වන තවත් එක් සිද්ධියක් පමණක් මේ පිරිසට තවමත් වැටහි ඇද්ද යන්න නම් සැකයෙකි.

No comments:

Post a Comment