Wednesday, September 25, 2013

කතෝලික සභාවේ "යුක්තිය හා සාමය " රෙද්ද පල්ලෙන් බේරෙයි.

කතෝලික සභාව පවත්වාගෙන යන කඵතර ග්‍රේස් කුමරි අනාථ නිවාසයේ උපන්දා සිටිම සිට හැදී වැඩුනු තරුණයින් එයින් පලවා හැරීමට, එහි භාර කාරයා ලෙසට කතෝලික සභාව විසින් පත්කල ලෙස්ටර් විජේසුරිය නැමැති පාදිලි තැන පයාගල පොලිසිය හවුල් කරගෙන පැවරූ නඩුව පිළිබදව විස්තර මීට පෙර පළ කරන ලදි.

කඵතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩුව හා අදාලව, එම තරුණයින්ට අනාථ නිවාසයෙන් පිටවන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගය හා එකී නියෝගය තහවුරු කරමින් කඵතර මහාධිකරණ විනිසුරු ගේ තීන්දුව, අභියාචනා අධිකරණය මේ වන විට අත්හිටුවා තිබේ.

මෙම නඩුව හා අදාලව, කඵතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් කැදවන ලද පරිවාස වාර්තාවේ වාර්තාවට අනුව - මෙම අනාථ නිවස නීති විරෝධී ලෙස පවත්වාගෙන එන ලද්දකි.

මෙම අනාථ නිවසට සපයන ලද විදුලිය කපා හැර තිබේ. මෙය ජරාවාසව පවති. මෙම ළමුන්ගේ මව්වරුන්ගේ ආගම කුමක්දැයි ළමුන් නොදනී. ඔවුන් සියලුම දෙනාව -කතෝලිකයින් බවට හරවා තිබේ.

නිවසේ සිටි අවු: 14ට අඩු පිරිමි ළමුන් 03ක් හා ගැහැණූ ළමුන් 06ක් නාගොඩ ප්‍රදේශයේ  නිවසකට ගෙන ගොස් ඇති බවද - එම වාර්තාවේ වැඩිදුරටත් කියා සිටී. මේ අනුව, කතෝලික සභාව නාගොඩ ප්‍රදේශයේ නීති විරෝධීව ළමුන් රදවා තබාගෙන සිටින බවද හෙළිවේ.

මෙසේ නීති විරෝධී ලෙසට දරුවන් රදවා තබාගෙන, ඔවුන් අපයෝජනයට ලක් කිරීම පිළිබදව නීතිය ක්‍රියාත්මක නොවීමෙන් පැහැදිලි වන්නේද, නීතියට උඩින් ජානාධිපති, මැති ඇමතිවරු හා දේපාලකයින් පමණක් නොව- පොලිසිය, හමුදාව අමතරව, ප්‍රධාන ආගම් තුනේ පූජකයින් ද සිටින බවය.

කතෝලික සභාව දෙසන යුක්තිය හා සාමය රෙද්ද පල්ලෙන් බේරෙන මෙම සිද්ධිය කෙරෙහි - සියලුම මානව හිමිකම් ආරක්ෂකයින් ගේ අවධානය යොමු විය යුතුය.

No comments:

Post a Comment