Saturday, September 14, 2013

පුතාට වධ දීලා උසාවි දැම්මා. නඩු අංකය ඉල්ලුවා ගහන්න ආවා.


හැටපස් හැවිරිදි ජයසීලි සිල්වා පානදුර සුප්‍රකට කන්දස්වාමි කෝවිල අතුගා ජීවිතය ගැටගසා ගන්නියකි.
ව්‍යාජ කුඩු චෝදනාවකට අවුරුදු 5ක් රිමාන්ඩ් බාරයේ සිට ඇප මත නිදහස්ව සිටින අවුරැදු 29ක් වු ඇගේ පුතාව මෙම මස 30 වනදා ඔහුව අත්අඩංගුවට ගත්තේ පානදුර දකුණ පොලිසියයි, වධ දිලා දින දෙකකට පසුව අධීකරණයට ඉදිරිපත් කලා. වුනේ මොකන්ද කියලා ඇය දන්නේ නැ.

ඇය මෙම මස දහවෙනිදා  පානදුර දකුණ පොලිසියට ගියේ පුතාට විරුද්ධව දාපු නඩුවේ අංකය දැනගන්න. කොහේද ඉන්නේ කියලා දැනගන්න.නමුත් ඇයට සිදුවූයේ කුණූහරප අසා, ගුටිනොකා, බේරිලා එන්න.

No comments:

Post a Comment