Monday, September 23, 2013

පොලිස්පති හොරාගෙන් පේන්න ආසයි.

පොලිසි වලින් පීඩාවට පත් ජනයා, පොලිස්පතිට ඒ ගැන පැමිණිලි කලාම, පොලිස්පති කරන්නේ හොරාෙගන්ම පේන ඇසීමයි.

නිලූෂා දිල්රුක්ෂි මහත්මිය, තම සැමියාට එරෙහිව බොරු නඩු දැමීම ගැන පොලිස්පතිට පැමිණිලි කළේය. පොලිස්පති කළේ, එම පැමිණිල්ල කඵතර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිට එවීවමය.

ඔහු දිල්රැක්ෂි මහත්මියව කැවා ප්‍රකාශයක් ගත්තේය. ඉන් අනතුරුව පොලිස්පතිට වාර්තාවක් යවා තිබේ. ඒ වාර්තාව පදනම් කරගෙන පොලිස්පති දිල්රුක්ෂි මහත්මියට පිළිතුරු දුන්නේය.

එම පිළිතුරෙන් කියා සිටින්නේ දිල්රුක්ෂි මියගේ සැමියා - ලියා පදිංචි අපරාධකරුවෙකු බවත්, ඔහු හෙරොයින් මිළිග්‍රෑම් 30ක් ල්‍රග තබා ගැනීමේ වරදට, කඵතර මහේස්ත්‍රාත් උසාවිය රුපියල් 10,000/=ක දඩයක් නියමකර ඇති බවයි.

දිල්රුක්ෂි මහත්මියගේ සැමියා සොරකම් කිහිපයකට වැරදිකරු වී ඇති අයෙකි. රු. 1500/=ක් සොරකම් කිරීමේ - බොරු චෝදනාවකට ඔහු වරදකරු කළේය. ඒ ඔහුට නීතිඥවරයෙකු ඉදිරිපත් කිරීමට නොහැකිවීම නිසාය.

අද බොහෝ දෙනා පොලිසිය දමන බොරු නඩුවලට කරන්නේ වරද පිළිගෙන දඩුවම් විඳීමය. ඒ නඩු කීමට වත්කමක් නැති නිසාය. නඩු කීමට වඩා වරද පිළිගැනීම අතිශයින් වාසිදායක නිසාය.

ඔහුට නඩු කිහිපයක් වැටුනු නිසා, ඔහු අපරාධකරුවකු වශයෙන් ලියා පදිංචි කළේය. ඔහුව පොලිස් පරිපාලනය යටතට පත් කළේය. ඒ නිසාම ඔහුට සෑම මසකම කඵතර පොලිස් අධිකාරී කාර්යාලයේ හා අඵත්ගම පොලිසියට ගොස් අත්සන් කරන්නටද නියම වී තිබින.

පොලිස් පරිපාලනය යටතේ සිටින ඇගේ සැමියාට හෙරොයින් ලග තබා ගැනීම් බොරු නඩු පැවරීය. කලයුතුව තිබුනේ එකම දෙයයි. සුපුරුදු පරිදි වැරදිකරු බව කියා දඩුවම් විදීමයි.

ඒ අනුව ඔහුට රු..5000/=ක දඩයක් නියම විය. ඔහුගේ බිරිඳ, ඥාතීන් රු. 5000/=ක දඩය ඔහු වෙනුවෙන් ගෙවා දැමීමය.

නියෝජ්‍ය පොලිස්පති , පොලිස්පතිට වාර්තා කරන්නේ, රු.5000/= දඩය , රු.10000/= කරය.
පොලිස්පතිද, නියෝජ්‍ය පොලිස්පති කඵතර දිස්ත්‍රික්කය තමන්ව රවටනවා යායි සිතන්නට නැතිව ඇත.

නමුත්, පොලිස්පතිගේ අනු දැනුම ඇතිව හෝ නැතිව, පොලිසියට විරුද්ධව කරන පැමිණිලි සම්බන්ධයෙන්, දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරීවරු කරන්නේ - අපරාධ කරන පොලිස් කාරයින් බේරාගන්නට, අමූලික බොරු වාර්තා  පොලිස්පතිට ලබාදී, ඔහුව මුලා කිරීමය.
පොලිස්පතිගේ පිළිතුරුවලට ප්‍රති උත්තර ලියන්නට බොහෝ දෙනා ඉදිරිපත් නොවන නිසා, තමා කියන දේ එම පුද්ගලයින් පිළිගන්නවා ඇතැයි ඔහු සිතා, තෘප්තිමත් වනු ඇත.

අද පොලිසිය අනතුරු වලක්වන්න දේවාල වලට ගොස් පොල් ගසනවා මෙන්ම, අපරාධ කරන ලද පොලිස් කාරයින්ට හා ඔවුන් ආරක්ෂා කරන නිලධාරීන්ට විරුද්ධව - දේවාල වලට ගොස් පොල් ගසා, ෙපාලිස්කාරයින්ෙග් දරුමල්ලන්ට පවා සාප වේලක් පිරිමසා ගන්න තියෙන මුදල වියදම් කර සතුටු ෙවයි.

ඒ අතර, පොලිස්පතිට පිළිතුරු දෙන අයද සිටී. ඒ පිළිතුරුවලට නම්, පිළිතුරක් පොලිස්පති ගෙන් ලැබෙන්නේ නැත.

No comments:

Post a Comment