Sunday, September 22, 2013

පොලිසිය කබරයින්ව කති.

පොලිස් පහරදීම ගැන නඩු දාන්න , නීතිපති ගේ අවසරය ගන්න වෛද්‍ය වාර්තාව ඕනෑලු.
මෙසේ කියන්නේ, කොළඹ දකුණ කොට්ඨාශයේ පොලිස් අධිකාරී වරයා විසින් කරන ලද පරීකෂණයක වාර්තාව පදනම් කරගෙන පොලිස්පතිවරයාය.

පූර්ණ මයුර කංකානිගේට, කුරුදුවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහර දුන්නනේ - 2012.02.26 දිනය.

21 හැවිරිදි ශිෂ්‍යයකු වූ පූර්ණ මයුර කංකානිගේට පහරදීමෙන් අනතුරුව පොලිසිය ඔහුව, කොළඹ විෂවේධය හා නීති වෛද්‍ය ආයතනයට අනුයුක්තව සේවය කල වෛද්‍ය එම්.ආර්.ඕ. සුෆ්යාන්ගේ නිවස වෙත ගෙන ගියේය.

ඔහුගේ පියාගේ මැදිහත්වීම නිසා, පූර්ණ මයුර කංකානිව, රෝහල්ගත කිරීමට සිදුවිය.

කොළඹ මහා රෝහලේදී වෛද්‍ය එම්.ආර්.ඕ.සුෆ්යාන් ඔහුව පරීක්ෂා කළේය. දැඩි කම්පනයට භාජණය වී සිටි, පූර්ණ මයුර කංකානිව - අධිකරණ මනෝ වෛද්‍ය ඒකකයටද යොමු කළේය.

ඒ අතර, පූර්ණ මයුර කංකානිට පහරදීම මූලිකත්වය දුන්න පොලිස් සැරයන් 24141 සේනාධීර ද - කොළඹ මහා රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් වුනේය. ඒ තමාට පූර්ණ මයුර කංකානි පහරදුන් බව ප්‍රකාශ කරමින්ය.

පොලිසිය වහාම, පො.සැ.24141 සේනාධීරට පහරදීම මූලික කරගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පූර්ණ මයුර කංකානිට එරෙහිව නඩු පැවරුවේය. ඒ නඩුව අදටත් පවතී. විභාග වන්නේ නැත. කල් යනවා පමණයි.

එට හේතුව, පො.සැ.24141 සේනාධීරට පහරදීම අදාල වෛද්‍ය වාර්තාව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් නොකිරීමයි.

පූර්ණ මයුර කංකානිට අමානුෂික ලෙස පහරදී ශාරීරික හා මානසික ආබාධ ඇති කල පොලිස් නිලධාරීන්ට එරෙහි මෙතෙක් නඩු පවරන්නේ නැත්තේ - මොහුට අදාල වෛද්‍ය වාර්තාව නොලැබුන නිසා බව කියන්නට තරම් අද පොලිස්පතිගේ මහජන සහන මැදිරියේ ස්ථානාධිපති නිවට වී තිබෙනවා.

අප එසේ කියන්නේ, පහරදීමක් අදාල නඩු පවරන්න පොලිසියට වෛද්‍යවාර්තා හා නීතිපති උපදෙස් අවශ්‍යයයි කීම නිසාය.

පොලිස්පති නියෝගයෙන් මේ පිළිබදව පරික්ෂණය කරපු, පොලිස් අධිකාරීවරයාට පෙනුනේ නැද්ද - පො.සැ.24141 ට පහරදීම ගැන පූර්ණ මයුර කංකානිට නඩු දැම්මේ, වෛද්‍ය වාර්තා තිබිලාද, නීතිපතිගේ උපදෙස් අරන්ද කියලා...?

අද පොලිසිය කබරගොයාව කන්නේ තලගොයාව කරගෙන වත් නොවේ. ආශ්චර්යේ තරම.

නැවත සවන් දෙමු පූර්ණ මයුර කංකානිගේ කථාවට. ( JS YouTube Channel No. 1238)


No comments:

Post a Comment