Sunday, September 8, 2013

හෝලී සී තානාපති ආච්බිෂොප් ට එරෙහි ළමා ලිංගික අපචාරී චෝදනා.

ඩොමීනිකන් රාජ්‍යෙය් හෝලී සී (වතිකානුවේ)තානාපතිට එරෙහිව එල්ලවී තිබෙන ළමා ලිංගික අපචාරී චෝදනා මූලික කරගෙන ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට පාප් වහන්සේ තීරණය කර තිබේ.
ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන්, කතෝලික පූජකවරුන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නව පාප් වහන්සේ දැඩි තීරණ ගැනීමට නියමිත බවද වාර්තා වේ.
වසර හයක් පුරා ඩොමිනිකන් රාජ්‍යෙයේ හෝලී සී තානාපතිට කටයුතු කළ ආච්බිෂොප් ජෝශප් වෙස්ලොවෙස්කිට එරෙහිව, එරට නීතිපති මෙම චෝදනා නගා තිබිණ.
තානාපති වරප්‍රසාද යටතේ ඔහුට එරෙහිව එරට අධිකරණ ඉදිරියේ පෙනී සිටීමෙන් බේරීමට හැකි වුවත්, වතිකානුවේදී ඔහුට එල්ල වී තිබෙන චෝදනා ගැන පරීක්ෂණ පවත්වන බව පාප්වහන්සේගේ ප්‍රකාශකවරයා එරට මාධ්‍යයට පවසා තිබේ.
හෝලී සී තානාපති ආච් බිෂොප් ජෝශප් වෙස්ලොවෙස්කි ගේ මෙම ළමා ලිංගික අපචාර හෙලිදරව් කර ඇත්තේ, ඩොමීනිකන් රාජ්‍යෙයේ විද්්‍යුත් මාධ්‍ය මගින්ය.
මෙම මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ මෙම  චෝදනා වලින් තානාපති වරප්‍රසාද මත ගැලවීමට ඉඩ නොදී  ඩොමීනිකන් රාජ්‍ය තුළ එරට නීතිය යටතේ නඩු පැවරිය යුතු බවයි.

No comments:

Post a Comment