Thursday, September 19, 2013

බාලවයස්කාරයින් දෙදෙනෙකුට වධ දී - බොරු නඩු දැමූ පොලිස් කාරයෝ තවමත් රජකාරියේ

මීට වසර අටහාමාරකට පෙර, එනම් 2009 පෙබරවාරි මස, ජන විජය ගම - ඉෂෘර මධුසංඛව (අවු:14) හා ගයාන් ප්‍රියදර්ශනව (අවු:16) අහංගම පොලිසිය අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දැම්මේය.

ඒ අපරාධකරුවන් අල්ලා ගැනීමට නොහැකිව, ඒ සදහා ආදේශකයින් ලෙසටය.

අපරාධ වින්දිතයෝ (පැමිණිලිකරුවන්) - ඉෂාර හා ගයාන් සිද්ධියට කිසිසේත සම්බන්ධ නැති බව ප්‍රකාශ කිරීම  නිසා ඔවුන්ව මුදාහැරීමට අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය අදාල ඉෂාරගේ මව සහ ගයාන්ගේ මව මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළේය.

පැමිණිල්ල විමර්ශණය කල මානව හිමිකම් කොමිෂන් සභාව සිද්ධියට සෘජුව සම්බන්ධවූ, එවකට අහංගම පොලිසියේ සේවය කල පොලිස් සැරයන් 4917 කුලරත්නව හා පොලිස් කොස්තාපල් රියදුරැ 4999 ධර්මපාල වැරදිකරුවන් බවට නිගමනය කළේය.

ඉෂාරට හා ගයාන්ට රු: 10,000/= බැගින් වන්දි මුදලක් ගෙවන ලෙසට, එම පොලිස් කාරයින් දෙන්නාට නියම කල මානව හිමිකම් ෙකාමිසම, මෙම සිද්ධියට ප්‍රධාන වගකිවයුත්තා වු ස්ථානාධිපතිවරයාට විරුද්ධව පියවරක් ගෙන නොමැත.

තවද මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබදව නිසි පියවර ගන්නා ලෙසට පොලිස්පතිට හා නීතිපතිට නිර්දේශ කර තිබේ.

මේ දක්වාම, මෙම පොලිස් කාරයින් දෙන්නා අදාල වන්දි මුදල ගෙවා නොමැති අතර, මොවුන් දෙන්නාට විරුද්ධව පොලිස්පති හා නීතිපති ගත් ක්‍රියාමාර්ගය කුමක්දැයි දැනගන්නට නැත.

No comments:

Post a Comment