Sunday, September 29, 2013

දඩ මුදල් වලින් බඩගෝස්තරය රැක ගැනීම අද ‍පොලීසි‍‍යේ ධර්මයයි.

ප්‍රජා වි‍ශෝධනයට පොලීසිය විරුද්ධයි. ඒ රි‍වෝඩ් නැති ‍වෙන නිසා.
සුළු අපරාධ, වි‍‍‍ශේෂ‍යෙන් ව්‍යවස්ථාපිත වැරදි සහා බන්ධනාගාර ගත කරනු ‍වෙනුවට, දඩ ගැසීම ‍වෙනුවට, ප්‍රජා පාදක වි‍ශෝධනයට ‍යොමු කිරීමට දැඩිව විරුද්ධ ව‍න්නේ ‍‍පොලීසියයි.
ඒ, දඩ ගැස්සවීම මගින් තමන්ට ලැබෙන 50%  ‍කොමිස් මුදල නැති වන නිසාය.
මෙම ක්‍රමයට විරුද්ධ තවත් පිරිසක් ‍‍‍‍වෙති. ඒ වැරදි වලට වරදකරුවන් බව පිළිගන්නා පුද්ගලයින්ට දඩ ගසා, හි‍රේ විලංගු‍වේ දමා තෘප්තිමත් වන පිරිසය.
අධිකරණ කාර්ය මණ්ඩල, ‍පොලීසිය “ ප්‍රජාකාරයින්  ”   ‍ලෙසට හඳුන්වන ප්‍රජා පාදක වි‍‍ශෝධනයට ‍යෙයාමු කරන පුද්ගලයින් සියලුම ‍‍දෙනා දුප්පතුන්ය. සමාජ‍යෙන් ‍කොන් කරන ලද පුද්ගලයින්ය. උසාවි කාර්ය මණ්ඩල හා ‍පොලීසිය උතත්සාහ ග‍‍න්නේ, ‍මෙම පුද්ගලයින් ව ‍යොදවා ‍ගෙන වැඩ ගැනීමය.
උසාවි වල සුළු ‍සේවකයින් තමන්ට නියමිත වැඩ, ප්‍රජා කාරයින් ලවා ඉටු කරවා ගැනීමට ‍‍පෙළඹී ති‍බේ. ‍මෙම තත්ත්වයට එ‍රහි වීමට ප්‍රජා  වි‍ශෝධන නිලධාරීන්ට නොහැකිව ඇ‍‍ත්‍තේ, මෙම සුළු සේවකයින් හා විනිසුරුවන් ඇතුළු ‍‍‍සෙසු උසාවි කාර්ය මණ්ඩල අතර පවත්වා‍ගෙන යන “ සම්බන්ධය ”  උප‍යෝගී කර‍ගෙන, කරුණු විකෘති ‍‍‍කොට වාර්තා කර, පළි ගැනීම් වලට ලක් කරීමය.
පොලීසියට අවශ්‍ය අපරාධ නැති කිරීම ‍හෝ අපරාධ වලට ‍‍පෙළඹුනු ලැබූවන් යහමගට ගැනීම ‍‍  ‍නො‍‍වේ. තවත් අපරාධ වලට ‍යොයමු කිරීමය. ඒ තුලින් ‍‍පොලීසියේ දූෂණ අක්‍රමිකතා තහවුරු කර‍ගෙන තව වඩ වඩා ගැනීමට හැකි නිසාය.
මෙම කරුණු හෙළි දරව්වුයේ ප්‍රජාපාදක විශොධන දෙපාර්තුමේන්තුවේ වැඩ පරික්ෂක වරැන් හා එක්ව පවත්වනු ලැබු වැඩමුළු වේදීය.

2 comments:

  1. මොකක්ද ඔය ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව කියන්නෙ? මං එහෙම එකක් අහල තිබුනෙ නෑනෙ.

    හැබැයි ඔය කියන කතාව ඇත්‍ත.

    පොලීසියට දිරි දීමනා ගෙවන්න ඕනැ දඩ මුදල් වැඩියෙන් එකතු වෙන තරමට නෙවෙයි, අඩු වෙන තරමටයි. මට අද උදේ ඒ වගේ අයිඩියා එකක් ඔලුවට ආවෙ ඊයෙ පාන්දර දෙකට විතර මගේ වේගය පැයට කිලෝ මීටර් 3ක් විතර වැඩි වුනා කියල අල්ලගත්ත වෙලාවෙ.

    ReplyDelete
  2. ප්රයජා විශෝධන දෙපාර්තමේන්තුව පිහිටුවලා දැනට අවුරුදු 10 කට ආසන්නයි. මුලින් තිබුනේ අධිකරණ අමාත්යාංතශය යටතේ. දැනට මෙම දෙපාර්තමේන්තුව අයත් වන්නේ, පුනරුත්ථාපන, බන්ධනගාර හා ප්රළජා විශෝධන අමාත්යාංරශයට.
    සුළු අපරාධ හා ව්යාවස්ථාපිත වැරදි වලට, බන්ධනාගාර ගත කරනු වෙනුවට, හරිමගට ගැනීම මූලික කරගෙන, ක්රිතයාත්මක වැඩ පිළිවෙලක්. මෙයට ප්රවජා සේවයද, උපදේශනයද, සුපරික්ෂාවද ඇතුලත්.

    ReplyDelete