Saturday, September 28, 2013

යුක්තිය වැටෙනකන් රාජපක්ෂ පිටුපස යන්නෝ.

පළතුරු වැටෙනකන් නරියා පිටුපස තවමත් යන වලසා මෙන්, යුක්තිය අපේක්ෂාවෙන් රාජපක්ෂ පිටුපස යන සිංහලයින් තවමත් සිටී.

එවන් පවුලක් පිළිබද කථාවයි මේ.

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රෙද්ශයේ ගුරුතලාව, හිදගමුව, දවටගොල්ල ගමේ - ජී.කේ.අබේසිංහ නැමැති අය විසින්, දේශපාලන බල පුලුවන්කාරකම් මත සහ අදාල බලධාරින්ට අඛණ්ඩව ලබාදෙන අල්ලස් මගින්, පරිසර හා ජනජීවිතය විනාශ කරමින් පවත්වාගෙන යන විශෘල ගල්කොරිය - අදටත් සක්‍රියව පවත්වාගෙන යනු ලබන බව ප්‍රකාශ කරන, එම ගල්කොරිය නිසා බලවත් පීඩාවට පත් පියශීලී මැණීකේ - මේ දක්වාම සිතා සිටින්නේ, රාජපක්ෂ ජනාධිපතිගෙන් යුක්තිය ඉටුවේයයි කියාය.

සංවර්ධනය නාමයෙන් මේ ගල්කොරිය පවත්වාගෙන යනු ලබන්නේ, ප්‍රදේශයේ කුඹූරු, තේ හා අනෙකුත් වගාවන්ට සහ පානීය ජලය සපයන රක්ෂිතයද විනාශ කිරීමට ඉඩ හරිමින්ය.

පියශීලී මැණිකේ, ජනාධිපති රාජපක්ෂ ඇතුලු සියලු බළධාරීන්ට පැමිණීලි කළේය.

වසර 20ක්, 1993 සිට නිලධාරීන් දේශපාලකයින් පසුපස ගියේය. නඩු දැම්මේය.
මේ සියල්ලන්ගෙන් ඵලක් නොවීය.

ජනාධිපති රාජපක්ෂ පවුල හා ඔහු වටා සිටින දූෂිත රැලට තවමත් ජනතාව රවටන්න පුලුවන් වී ඇත්තේ ජනතාවගෙන් බහුතරයද, රැවටීමට සූදානම් අවස්ථා අවස්ථාවාදීන් වීම නිසාය. අන්ධ භක්තිකයින් නිසාය.

මේ බව වැටහෙන විට, පියශීලී මැණිකේගේ ජීවිතයේ හොද කලයෙන් අඩක් අවසන් වී ඇත.

No comments:

Post a Comment