Sunday, September 22, 2013

සමනලවැව පොලිසිය තරුණයා බාගෙට මරා රිමාන්ඩ් කරවයි !

සමනලවැව පොලිසිය විසින් හදුන් ජාවාරම් කරුවකුගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන හංදියක තබා ප්‍රසිද්ධියේ පහරදුන් තරුණයා ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට බලංගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝගකර තිබේ.
පොලිසිය දැඩි ලෙස විරෝධය දැක්වීම හේතුවෙන් ඔහුට ඇප ලබාදීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර ඇත.
පොලිසිය මෙහිදී අධිකරණයට දන්වා සිටියේ අදාල තරුණයා ඇතුළු තිදෙනෙකු පැමිණිලි කාර පාර්ශවයට පහරදී ඇති බවත්, සිද්ධියෙන් තුවාල ලැබූ ඔවුන් රෝහලේ ප්‍රතාකාර ලබන බවයි.
මේ තරුණයා දින එකහමාරකට ආසන්න කාලයක් පොලිසියේ රදවාගෙන සිටි බවද පැවසේ.
කෙසේවවුද මේ අතර, 'ශ්‍රී ලංකා මිරර්' රෝහලෙන් කරන ලද විමසීමකදී එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ එවැනි කිසිවකු මේවන විට නොමැති බවයි.
කෙසේවවුද එහි රෝහල් ප්‍රධානී වෛද්‍යවරයාද මේවන විට එම රෝහලේ නොමැති අතර, ඔහු නැවත පැමිණෙන්නේ හෙට (23) පෙරවරුවේ බවත් ඔහු කියා සිටියේය.

-ශ්‍රී ලංකා මිරර්-

No comments:

Post a Comment