Monday, September 23, 2013

තාත්ත මට මොළයක් දුන්නා, පිටකොන්දක් දුන්නා, ඒ මදිද? -ශර්මිලා ගම්ලත්.

කතෘ සටහන
මෙම ලිපිය රාවය පුවත්පතේ හිටපු කතෘ මණ්ඩල සාමාජිකයෙකු විසින් රාවයට යවා ඇතත් එම ලිපිය රාවය කතෘ මණ්ඩලයේ කවුරු හෝ සාමාජිකයෙකුගේ අතපසුවීමකින් කුණු කූඩයට වැටී ඇත. එම ලිපිය අහම්බෙන් අප වෙත ලැබුණි. එය අප පාඨකයන්ට ප්‍රයෝජනවත් වේ යැයි අප සිතමු.
ශර්මිලාට තාත්ත ගැන තියන පරණම මතකය මොනවගේද?
තාත්ත මේසෙට වාඩිවෙලා ලියනව. මම දණගාගෙන ගිහිල්ල එයාගෙ කකුල අල්ලනවඑතකොට තාත්ත මාව උස්සල අරගෙන ඔඩොක්කුවෙ තියාගන්නව. මේක මට ඡායාවක් වගෙයි මතක. මට හොඳට මතක තියෙන්නෙමම නසරි යන කාලෙතාත්ත උදේම නැගිටල ලියනව. අම්ම ඉස්කෝලෙ ගිහින්. මම පොතක් අරගෙන ගිහින් කියනවතාත්තෙ මට මේක කියල දෙන්නකො කියල. ඉතින් තාත්ත ලියන එක නතරකරල මට කතන්දරේ කියල දෙනව. ඊට පස්සෙ මම සන්තෝසෙන් නසරි යනව. අපි ඒ කාලෙ හිටියෙ මාවිල්මඩ. ගේ තිබුණෙ කන්ද උඩ. පහළින් මහවැලි ගඟ ගලාගෙන ගියා. තාත්ත හැන්දෑවට ගං ඉවුර දිගේ ඇවිදින්න ගියාමගොඩාක් දුර මාව කරේ තියාගෙන යනව. මාව නසරි එකට බාර දෙන්න ගියෙත් තාත්ත කියල මතකයි.
තාත්ත හම්බවෙන්න ආ ගිය අය කව්ද ඒ කාලෙ?
ගොඩාක් අය ගෙදරට එනව. සුදර්ශන අයියදව්ලගල අංකල්සමිත මාමගම්පොළ සුනිල් මාම,ධනපාල අංකල්කුසුම් ආන්ටිතව ප‍්‍රදීප් කියල හිටිය.. ඒගොල්ල එනකොට මට චොක්ලට් ගේනව කියලත් මතකයි.
පුංචි කාලෙ ඔයාගෙ ජීවිතේ පිරෙන්නම හිටියද තාත්තනැත්නම් මදි වුණාද?
ඔව් අනිවාර්යයෙන්ම. මොකද ඒ කාලෙ තාත්ත රස්සාව නැතිව ගෙදර හිටියෙ. ඒ නිසා මට වැඩිපුර තාත්ත එක්ක ඉන්න ලැබුණා. අම්ම ටිකක් දුර ඉස්කෝලවල වැඩ කළ නිසා එන්න හවස් වෙනව. තාත්ත නිතරම ලියන නිසා කරදර කරන්න හොඳ නෑ කියල මට කියල දීල තිබුණ. ඒත් තාත්ත අපි එක්ක කාල බීලවිහිළු කරල සතුටින් හිටිය. ට අපි තුන්දෙනා ඇඳේ වැටිල ඉන්නව ගොඩක් වෙලා. ඒගොල්ල මට එක එක දේ කියල විහිළු කරනව. අපි දෙන්න චණ්ඩි දෙන්නෙක් වෙලා ෆයිට් කරගන්නව-එයා බෙල්ල කපාපු හන්දියෙ චණ්ඩියමම තව කොහේහරි. ඕව තමයි එයාගෙ සෙල්ලම්.
තාත්ත දැවැන්ත ප‍්‍රතිරූපයක් බව මුලින්ම දැනුණෙ කොයි විදියටද?
තාත්ත පොත් ලියනව කියල මම පුංචි කාලෙ ඉඳල දැනගෙන හිටිය. ඒත් ඒවයෙ වටිනාකම ගැන අවබෝධයක් තිබුණෙ නෑ. තාත්ත ප්‍රොපෙසර් කෙනෙක් කියලත් මම දැනගෙන හිටිය. පුංචි කාලෙ අහනකොටලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලමම කියන්නෙ ප්‍රොපෙසර් කෙනෙක් වෙනව’ කියල. තැනකට ගියාම මිනිස්සු තාත්තට ගරු කරන හැටි මට දැනිල තිබුණ. ගොඩක් තැන්වලදි මගේ වාසගම කිව්වම මාව කව්ද කියල අඳුරගන්නව. අටේ නවයේ වගේ පන්තිවලදි තමයි මට තාත්ත ගැන හරියට දැනුණෙ.
ඔබගෙ අධ්‍යාපනය සම්බන්ධයෙන් තාත්තගෙ මැදිහත්වීම මොන වගේද?
පොඩි කාලෙ ඉඳලම මම ඉගෙනගන්න හරි ආසයි. ඒ වගේම මම පුදුම තරම් ඒකට කැප වුණා. තාත්තවත් අම්මවත් කවදාවත් මට බල කළේ නෑපාඩම් කරන්නපළවෙනිය වෙන්න කියල. ඇත්තෙන්ම තාත්ත නම් ඒ ගැන හෙව්වෙම නෑ. ඒත් හැම වාරෙකම අන්තිමට මම රිපෝට් එක ගිහින් පෙන්නනව තාත්තට. මම හරි ආසයි ඒකෙ තාත්තගෙ අත්සන ගහගන්න.
තාත්ත හැම තිස්සෙම කිව්වෙපුළුවන් තරම් කියවන්න කියල. මම අවුරුදු 16ක් විතර වෙනකල් ගොඩාක් කියෙව්ව. රුසියානු සාහිත්‍යය මට ගොඩක් සමීපයි. චෙකොෆ්ගෙ කතා ඔක්කොම කියෙව්ව. ඊළඟට චාල්ස් ඩිකන්ස්ජේන් ඔස්ටන්ශේක්ස්පියර්කියෙව්ව. තාත්ත තමයි ඒ මගපෙන්වීම කළේ.
තාත්ත මාව ආණ්ඩුවෙ ඉස්කෝලෙකටවත්විශ්වවිද්‍යාලෙකටවත් යැව්වෙ නෑ. මුල ඉඳලම ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්නුවෙ. තාත්ත නිවැරදිව අනාගතය දැක්ක කියලයි මම හිතන්නෙ. අපට එක විදියකට කරලසමාජෙට තව එකක් කිව්වෙ නෑ. හැම තිස්සෙම කිව්වෙඉංග‍්‍රිසි ඉගෙනගත්තෙ නැත්නම් අනාගතයක් නෑ කියල. එත් ඉගෙන ගන්න දේ නිදහසේ තෝරගන්න ඉඩ දුන්න. තාත්ත කරපු දේවල් කරන්න කියල කවදාවත් කිව්වෙ නෑ.
මොනවද ඔබගෙ තෝරාගැනීම්?
මගේ ප‍්‍රථම උපාධිය Economics & Management ඒක ප‍්‍රථම පන්තියෙ ගෞරව උපාධියක්. පශ්චාත් උපාධියට කළේ Business statistics’ මොරටුව විශ්වවිද්‍යාලෙ එම්එස්සී එකට කළේEconomics.. ඒකෙදි මම බැජ් ටොප් වුණා. ආචාර්ය උපාධියට කරන්නෙ Applied statistics තාත්ත මුල ඉඳලම දැක්ක මම යන්නෙ වෙනස් පාරක බව. ඒත් මම ලබපු ප‍්‍රතිඵල ගැන ගොඩක් සතුටු වුණා.
මහාචාර්ය ගම්ලත්ගෙ දියණිය වීම’ නිසා ඔබට මොනවද ලැබිල තියෙන්නෙ?
තාත්ත භෞතික දේවල් රැස්කරපු කෙනෙක් නෙවෙයි. ඒ අතින් ලැබෙන්න කිසි දෙයක් නෑ මට. තාත්ත හම්බකළේ දැනුම සහ බුද්ධිය. ඉතින් මට තාත්තගෙන් ලැබුණ වටිනාම දේඔහුගේ ජාන වලින් ලැබුණු බුද්ධිය. ඒ හැරුණම තාත්ත තමන්ගෙ හයිය පාවිච්චිකරල මට කිසිම දාකකිසිම වරප‍්‍රසාදයක් අරගෙන දීල නෑ. තාත්ත හැම තිස්සෙම කිව්වෙතමන්ගෙ උත්සාහයෙන් දේවල් දිනාගන්න කියල. ඒ ගැන මම ගොඩක් ආඩම්බර වෙනව. මට කොන්ද කෙළින් තියාගෙන මෙහෙම කතා කරන්න පුළුවන් ඒ නිසා. මම හිතන්නෙ තාත්තගෙන් මම ඉගෙනගත්ත ලොකුම පාඩමත් ඒකයි.

තාත්ත සාහිත්‍ය කලා විෂය ගැන විතරක් නෙවෙයි සමාජය ගැනත් තියුණු විවේචකයෙක්. ඔහු සම`ග එක ගෙදරක ජීවත්වුණ තරුණ දියණියක හැටියට ඒ ආකල්ප ඔබට බලපෑවෙ කොහොමද?
තාත්ත තමන් දරන අදහස් තියුණු විදියට ප‍්‍රකාශ කළා තමයි. ඒත් එයා පුද්ගල නිදහස උපරිම විදියට ගරු කළ කෙනෙක්. තමන්ගෙ අදහස අනුව අනිත් අය බලෙන් පාලනය කරන්න ගියේ නෑ. දේවල් විවේචනය කළාට ඒ දේවල් ගැන පෞද්ගලිකව කේන්ති ගත්තෙ නෑ. මම තාත්තගේ දේශපාලන මතවාදය පිළිගන්න කෙනෙක් නෙවෙයි. එයා කැමති දේම නෙවෙයි මම රසවින්දෙ. ඒත් මේ ගේ ඇතුළෙ තාත්තටත් මටත් එකට ඉන්න පුළුවන්කම තිබුණා. මම වැඩ කරල මහන්සිවෙලා ගෙදර ආවම,ඔය හින්දි ෆිල්ම් එකක්ඉංග‍්‍රිසි කොමඩි එකක් එහෙම දාගෙන බලනව. තාත්ත ඒවට කැමති නෑ. ඒත් කවදාවත් ඒවට බාධා කරල නෑ.
තාත්ත කොයිතරම් ඉහළ මට්ටමේ බුද්ධිමතෙක් වුණත් හරිම මිත‍්‍රශීලීසරල කෙනෙක්. හැම තරාතිරමකම මිනිස්සු ඇසුරු කළාඒ හැමෝම එක්ක එයාට කරන්න වැදගත් කතාවත් තිබුණ. සමාජයේ හැම අස්සක් මුල්ලක්ම හාර අවුස්සල දැනගත්ත. අවුරුදු 90 විතර ඉඳල අවුරුදු 12-13 තරමෙ අය දක්වාම එයාගෙ යාළුවො. ඒ නිසා හැම තරාතිරමකම අයගෙ සිතුම් පැතුම් දැනගෙන හිටිය. වෙන එකක් තියාමගේ පුංචි දුව අපර්ණාට පවා සීයව දැනුණෙ යාළුවෙක් වගේ. එයා සීය දැක්කම හායි සීයා’ කියල අත වනාගෙන යන්නෙ.
කොයි කාලෙද ඔබ තාත්තගෙන් ස්වාධීන වෙන්නෙ?
අවුරුදු 20 වෙනකොට මම මගේ පළමු උපාධිය ඉවර කළා. එතනින් පස්සෙ මම කිසිම දේකට තාත්තගෙන් මුදල් ඉල්ලූවෙ නෑ. මගේ වැඩ මම තනිවම කරගත්ත. ඉන් පස්සෙ අවුරුදු ගාණක් මම වෙනම ජීවත් වුණේ. මම රට යන්න දවස් කීපෙකට කලින් තාත්ත අම්මට කියල තිබුණ මට හරිම සතුටුයිදුව දැන් ඉකොනොමිකලි ඉන්ඩිපෙන්ඩන්ට්’ කියල. අන්තිම මොහොතෙ තාත්තගෙ හිතේ මා ගැන බරක් නොතිබුණ එක ගැන මමත් සතුටු වෙනවා.
ඒත් තාත්ත ඔබ නිසා ජීවිතේ එක මොහොතකදි බලවත් සිත් තැවුලකට පත් වුණා?
ඔව්. මගේ විවාහයට තාත්ත කැමති වුණේ නැහැ. ඒත් ඉක්මනින්ම ඒ තත්ත්වෙ වෙනස් වුණා. මගේ අධ්‍යාපනය ඇතුළු සියල්ල විවාහය නිසා කඩාවැටේවි කියල තාත්ත හිතන්න ඇති. ඒත් පසුව එයාට අවබෝධ වුණාඑහෙම නොවෙන බව. මගේ මහත්තයා ඒ කාරණේ ගැන මටත් වඩා සැලකිලිමත් වෙන කෙනෙක්. තාත්ත අවුරුදු 37දි ප්‍රොපෙසර් වුණා නම් දුව ඊට කලින් ඒ තැනට එන්න ඕන කියලයි එයා කියන්නෙ.
ඔබ ගෙදර එකම දරුවා හැටියටයි හැදෙන්නෙ. ඒත් කවුරුත් දන්නව තාත්තට තවත් දරුවො දෙන්නෙක් හිටිය. ඒ කාරණේ ඔබට දැනෙන්නෙ කොහොමද?
මම එකම දරුවා හැටියට හැදුණ කියන එක නිවැරදි නෑ. ඇයි ලලිත අක්ක හිටියනෙ. මට අවුරුද්දක් වෙද්දි තමයි ලලිත අක්ක අපේ ගෙදරට ආවෙ. එදා ඉඳල අවුරුදු 27ක් එයා අපි එක්ක හිටිය. මම හැම දෙයක්ම බෙදාගත්තෙ එයා එක්ක. අම්ම තාත්තගෙ ආදරේ පවා බෙදාගත්ත. මට මතකයි කොහේහරි යනකොට අම්ම මාව වඩාගෙන යද්දිමම පිටිපස්ස හැරිල බලනවඅක්ක එනවද කියල. එයා නැති වෙයි කියල මම නිතරම බය වුණා. තාත්තගෙ කිට්ටුවන්තම ගෝළයෙක් වුණ සුදර්ශන අයිය එක්ක තමයි එයා විවාහ වුණේ. එදා තිබුණු සම්බන්ධෙ අදටත් ඒ විදියටම තියෙනව.
මට තව අක්ක කෙනෙකුත් අයිය කෙනෙකුත් ඉන්නව කියල මම දැනගත්තෙ කාලෙකට පස්සෙ. ඒත් අය එක්ක සමීපවෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. මට හිතෙනවතාත්ත ඒ කාරණේදි නිවැරදි නෑ කියල. අපි අතරෙ සමීප සම්බන්ධයක් ඇති කරල තිබුණ නම්සමහර විට අද වෙනකොට මට මේ තරම් තනිකමක් නොදැනෙන්න තිබුණ. තාත්තගෙ අසනීපය ගැන වුණත් අපට එකතුවෙලා වැඩ කරන්න තිබුණ. මොකද අපි එකම තාත්තගෙ දරුවො. ඒගොල්ල මට වඩා වැඩිහිටි වුණත්මම දන්නව මට වගේම ඒගොල්ලන්ටත් තාත්ත ආදරය කරපු බව. පුළුවන් හැම වෙලාවකම ඒගොල්ල බලන්න ගිය බව. තාත්ත කවදාවත් දරුවන්ව අත්තැරියෙ නෑ. තාත්තට අපි අතරින් තෝරාගැනීමක්’ තිබුණෙ නෑ. ඒත් තාත්ත ඔය කාරණේදි කවදාවත් විවෘත වුණේ නෑ. සමහර විට එහෙම කරන්න බැරි හේතු තියෙන්න ඇති. කාගෙවත් හිත රිද්දන්න අකැමති වෙන්න ඇති. ඒත් එහෙම හිත රිද්දගන්න තරම් අපි කව්රුවත් බොළඳ අය නෙවෙයි කියලයි මම හිතන්නෙ. ඔය වගේ කාරණාවලදි විවෘත වෙන්න පුළුවන් නම් ප‍්‍රශ්න විසඳගන්න ලේසියි.
තාත්තගෙ ජීවිතේ අවසාන දවස්වල ඔබට ළඟ ඉන්න ලැබුණෙ නැහැ. ඔබ එනකොට සියල්ල සිද්ධවෙලා ඉවරයි නේද?
මට උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගතවෙන්න වුණේ තාත්ත අසනීපවුණාට පස්සෙ. මම ඒ ගමන ගැන දෙගෙඩියාවෙන් ඉද්දිතාත්ත තමයි බල කළේඔයා මේ ගමන යන්නම ඕන කියල. අපි විතරක් නෙවෙයිතාත්තවත් හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට තාත්තගෙ ජීවිතේ නැති වේවි කියල. එයා හිතුවෙහොඳවෙලා ගෙදර යන්න. ඒත් පස්සෙ සිද්ධවුණු දේවල් ඇහුවම මට පුදුම කම්පාවක් දැනෙනවා. තාත්ත හැම දෙයක් ගැනම විද්‍යානුකූල පදනමක ඉඳල වැඩ කරපු කෙනෙක්. බටහිර වෛද්‍ය ක‍්‍රමය ගැන විතරයි එයා විශ්වාස කළේ. ආයුර්වේදය ගැන පවා විශ්වාසයක් තිබුණෙ නෑ. කිසිම හේතුවකට අත්බේත්ගොඩබේත් කළෙත් නෑකරන්න දුන්නෙත් නෑ. අඩු තරමෙ කොත්තමල්ලිවත් බිව්වෙ නෑඅපට දුන්නෙත් නෑ. ඉතින් ඒවගේ මනුස්සයෙකුටකිසිවකට විරුද්ධවෙන්න ශක්තියක් නැති තත්ත්වෙක ඉන්නකොටආදි කාලීන අවිද්‍යාත්මක අදහස් දරන කට්ටියක් වටවෙලා ෆීඩින් ටියුබ්ස්’ දිගේ මයියොක්ක පෙව්ව කියන එක අන්තිම සාහසික වැඩක්. ඒක ගැන කතාකරගන්නවත් බැරි තරම් වේදනාවක් දැනෙන්නෙ. ඒ අන්තිම සති කීපය මට ලංකාවෙ ඉන්න බැරි වුණා නේද කියල මම හරියට දුක් වෙනව. ඒ මනුස්සය කොයිතරම් අසරණ වෙන්න ඇද්ද?කොච්චර ජරාජීර්ණ වෙච්ච පහත් මිනිස්සු ඉන්න රටක්ද මේකරටක ජාතික රෝහලක් ඇතුළෙ,අසාධ්‍ය රෝගියෙකුට මයියොක්ක පොවන්න පුළුවන් නම් ඒක ජාතික රෝහලක් වෙන්නෙ කොහොමදපිළිකා රෝහල ඇතුළෙත් ඒකම කරන්න පුළුවන්නම් පිළිකා රෝහලක් අවශ්‍ය නෑනෙ. එතන මයියොක්ක කොටුවක් දැම්මම හරිනෙ. වැඩියෙන්ම කණගාටුදායක කාරණේ තමයි මේකට සම්බන්ධවුණුඅනුබල දීපු සමහරු උගතුන් යැයි කියන අය. ඉන්ජිනේරුවොදොස්තරලජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු. ලංකාවෙ අධ්‍යාපනය ගැන ඒකෙන්ම හිතාගන්න පුළුවන්. කොයිතරම් ඔලමොට්ටලයොද බිහිවෙන්නෙ මේකෙන්?
ඇත්තෙන්ම ඒගොල්ලන්ටත් උවමනා වුණේ තාත්තව සනීප කරන්න වෙන්න ඇති. ඒත් කිසිම වෛද්‍ය සම්ප‍්‍රදායකින් අනුමත නොකරපුකිසිම පර්යේෂණයකින් තහවුරු නොකළ මේ වගේ දේවල්,තමන්ගේ නොවන රෝගියෙක් සඳහා අත්හදාබැලීම සම්පූර්ණයෙන්ම වැරදියි. අනික මේ වගේ වටිනා මනුස්සයෙක්කාගෙවත් එක්ස්පෙරිමන්ට් වලට ගන්න කෙනෙක්ද එයා?
අපි කව්රුත් දන්නවතාත්ත මේ සමාජ ක‍්‍රමයට එරෙහිව අරගළ කරපු කෙනෙක්. ඔහු සාම්ප‍්‍රදායික අච්චුව ඇතුළෙ හිතපු මතපුකි‍්‍රයාකරපු කෙනෙක් නෙවෙයි. පේ‍්‍රමය ඇතුළු මානව සම්බන්ධතාවලදි පවතින සමාජ ක‍්‍රමයේ කොන්දේසි ඒවාට සතුරු වෙන හැටි ඔහු නිරන්තරයෙන් අවධාරණය කළා. ඒත් අන්තිමේදි ඔහුත් ඒ පද්ධතියේ ගොදුරක් වුණා?
ඔව්. තාත්තට අන්තිමට තමන් කැමති තැනකැමති අය ළඟ අන්තිම හුස්ම හෙළන්නවත් බැරි වුණා. අපේ අම්ම පැත්තකට විසි වුණා. ලෙඩ ඇඳට වැටෙනකල් තාත්තගෙ දුක සැප බෙදාගෙන හිටපු අම්මට සමහරු සලකල තිබුණෙ අන්තිම නරක විදියට. මම හිතන්නෙ අන්තිම පහත් සමාජෙක විතරයි එහෙම වෙන්න ඉඩ තියෙන්නෙ. ඔය වගේ කාරණාවලදි ඉන්දියාව පවා අපට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නව කියලයි මට හිතෙන්නෙ. අපි අපේ රට කියල මහ ලොකුවට උඩ දැම්මට මොකක්ද මේකෙ තියෙන්නෙමම අන්තෙටම කළකිරිල ඉන්නෙ ඒව ගැන.
මහාචාර්ය ගම්ලත් කියන්නෙතමන් ගරුකරන ප‍්‍රතිපත්ති නිසා ජීවිතයේ අප‍්‍රමාණ දුෂ්කරතාවලට මුහුණ දුන් කෙනෙක්. අපි බොහෝවිට දැකපු දෙයක් තමයි ප‍්‍රතිපත්ති නිසා දුක් ගැහැට විඳපු දෙමාපියන්ගෙ දරුවො ඒ ප‍්‍රතිපත්තිවලට වෛර කරනවා. ඔබ මොකද හිතන්නෙ ඒ ගැන?
ඇත්තෙන්ම කිසිම ප‍්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ගෙන් පිරිච්ච සමාජයක් මේක. ප‍්‍රතිපත්තියක් නැති එක තමයි ගොඩක් දෙනාගෙ ප‍්‍රතිපත්තිය. රුපියලක් වැඩියෙන් ලැබෙන්නෙ කොතනින්දඑතනට පනිනවා. අනිත් කිසිම දෙයක් වැදගත් නෑ. තාත්තට ප‍්‍රතිපත්ති ගැන අමතක කළා නම් ඔහුට සුර සැප විඳින්න තිබුණ. අපිටත් විඳින්න තිබුණ. සමහරු ප‍්‍රතිපත්ති විකුණගෙන කනව. ඒකත් හොඳ වෙළෙඳ භාණ්ඩයක් නේ. තාත්ත මේ දෙකම කළේ නෑ. ඒ වගේම තාත්ත පරාජිතයෙකුත් නෙවෙයි. එයා මහා අභිමානයෙන්ආඩම්බරයෙන් ජීවත් වුණා. කිසි දේකදි සැලූණෙ නෑ. මමත් ඉන්නෙ ඒ තැන තමයි. මම තාත්තගෙ ප‍්‍රතිපත්ති ගැන ගොඩාක් ආඩම්බරයි.
තාත්තගේ අවමඟුලෙදි ඔබ ඉස්මතු වෙලා පෙනුණෙ නෑ. ඔබ හිටියෙ රූප රාමුව පසුබිමේ. ඒක හිතාමතා කළ දෙයක්ද?
මම එනකොට ගොඩක් දේවල් සිද්ධවෙලා ඉවරයි. මට ඉවසන්න බැරි තව ගොඩක් දේවල් සිද්ධවේවි කියලත් මම දැනගෙන හිටිය. ඒත් මම හිතාගත්තනිහඬව ඉන්න එක තමයි තාත්තට කරන්න පුළුවන් හොඳම ගෞරවය කියල. මට ඕන නම් එතන පුවත් මවන්න තිබුණ. ඔයාල දන්නවනෙ මීඩියාවලට ඕන මොනවද කියල. ඒත් මට කොහෙත්ම ඕන වුණේ නෑ මම අහවලාගෙ දූ කියල ඉස්මතුවෙලා පෙන්නන්න. කවදාවත් මට ඒ වගේ මානසිකත්වයක් තිබුණෙ නෑ. තාත්තගෙ දූ කියල පෙන්නන්න පුළුවන් හොඳම විදියඅධ්‍යාපනයෙන් ඉහළම දුර යන එක කියලයි මම හිතන්නෙ. අනිවාර්යෙන්ම මම ඒ දේ කරනවා

තාත්තට ගරු කරන සහ ආදරය කරන අය මොනවද ඔහු වෙනුවෙන් කරන්න ඕන?
තාත්තගෙ ප‍්‍රතිපත්ති වලට ගරු කරන්නඑයා පෙන්වපු පාරෙ යන්නඒක තමයි කරන්න තියෙන්නෙ. තාත්තගෙ ගෝළයොඇසුරු කරන අයඑයාගෙන් ආභාසය ලබපු අය නිතරම කියන දෙයක් තමයි,අපිට කොන්ද කෙළින් තියාගෙන ඉන්න ඉගැන්නුවෙ අපේ සර් කියල. ඉතින් ඒ විදියට පවතින්න උත්සාහ කරන එක තමයි හොඳම දේ. තාත්ත කවදාවත් කිසි කෙනෙකුට වෛර කරපු මනුස්සයෙක් නෙවෙයි. ඊර්ෂ්‍යා කරපු කෙනෙක් නෙවෙයි. කාටවත් කරදරයක් වෙන විදියට ජීවත් වුණේ නෑ. පුළුවන් හැම විටම අනිත් අයට උදව් කළා. අන්‍යයන්ගෙ යහපත දැකල සතුටු වුණා. ඒ වගේ උතුම් මානුෂික ගුණාංග අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි ඔහුට කරන්න පුළුවන් හොඳම ගෞරවය. කිසිම ප‍්‍රතිපත්තියක් නැතිකුහක විධියට වැඩකරනසල්ලි පස්සෙ දුවන අයට ඔහුට කරන්න පුළුවන් ගෞරවයක් නෑ.
ජයසිරි ජයසේකර
ශ්‍යාමා ජයවර්ධන
උපුටා ගැනීම - http://www.pathula.com 

No comments:

Post a Comment