Wednesday, September 25, 2013

බන්ධණාගාර නිලධාරින් සිරකරුවෙකුගේ තුනටිය කැඩෙන්න ගහලා.

රොෂාන් ප්‍රනාන්දු (අවු.26යි) පයාගල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර, කඵතර රිමාන්ඩ් භෘරයට පත් කළ් මෙම මස 17 දිනදීය. පසු දින ඔහුව බැලීමට, රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය ඔහුගේ මවට දැක ගන්නට හැකිවූයේ රිමාන්ඩ් බන්ධණාගාරයේ රෝහල් වාට්ටුවේ වැසිකිලයක් ළග පැදුරු කඩමල්ලක උඩුබැලි අතට වැතිර සිටින තම පුතාවය.

ඔහු ඇයට කිව්වේ මට නැගිටින්න බෑ යනු පමණි. පසුව ඔහුව බන්ධණාගාරය මගින් නාගොඩ මහා රෝහලට ගෙන ගොස් තිබේ. එතැනින් ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත. දැනට ඔහු කොළඹ ජාතික රෝහලේ 63 වන වාට්ටුවේ බන්ධණාගාර නිලධාරීන් බාරයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුගේ මව අනුලාවතී (අවු:51) විශේෂයෙන් මානව හිමිකම් කොමිෂමෙන් ඉල්ලා සිටින්නේ නොපමාව, පුතා ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසටයි.

මෙසේ නැගිට ගන්නට බැරිවන සේ රෝෂාන් ප්‍රනාන්දුට පහරදී ඇත්තේ මීට මාස 8කට පමණ පෙර, ඔහු මොනරාගල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පැනයාම නිසා බව - මව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.


No comments:

Post a Comment