Friday, April 26, 2013

පො.ප. රත්නායක - 15 හැවිරිදි දැරියකගේ පපුවට අනී.


තම සොහොයුරාව අත්අඩංගුවට ගන්නේ ඇයිද යැයි ප්‍රශ්ණ කිරීම නිසා, ගාල්ල පොලීසියේ පො.ප. රත්නායක, තම දියණියට පහර දුන් බව ප්‍රකාශ කරන ඇගේ මව - පත්මිනී කුලරත්න මහත්මිය, රටේ නීතිය මේකද යයි ප්‍රශ්ණ කරයි.
2013.04.21 දින ගාල්ල පොලීසියේ, පො.ප. රත්නායක, තවත් නිලධාරීන් දෙන්නෙක් සමග පැමිණ, තම ලොකු පුතාව අත්අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ අවස්ථාවේ අයියා පොලීසියට ගෙන යන්නේ ඇයි කියා ඇසුවාම - පො.ප. රත්නායක ඇයට දෙවරක් පහර දුන් බවත්, එයින් ඇය බිම ඇද වැටුනු බවත් ප්‍රකාශ කළාය.
පො.ප. රත්නායක ඇතුලු පිරිසක් 2010.06.10 වන දින තම බාල පුතාව පැහැරගෙන ගොස් පහර දුන්න බවත්, ඒ හා අදාල නඩුවට දෙදෙනෙක් පමණක් නම් කර තිබෙන බවත් පවසන ඇය -  මේ දක්වාම නඩුව විභාගයට ‍ෙගන නැති බවද කියා සිටී.
දිගින් දිගටම පො.ප. රත්නායක, නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙසට බලපෑම් කරන බවත් එයට එක නොවීම නිසා බොරු නඩු දැමීමට පටන් ගෙන තිබෙන බවත්, ඇය වැඩි දුරටත් කියා සිටී. එදින පො.ප. රත්නායක, ඇතුලු පිරිස තම නිවසට පැමිණියේ නොකළ වරදකට තම පුතාව අත්අඩංගුවට ගැනීමට බවද ඇය පවසා සිටියාය.
පහර දීමෙන් රෝගාතුර වූ තම 15 හැවිරිදි දියණිය වන දිනූෂා සෙව්වන්දිට, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමටද සිදු වූ බවද ඇය කියා සිටී.
මේ පිළිබව ඇය මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, ලිඛිතව පැමිණිලි කර ඇත.

No comments:

Post a Comment