Saturday, April 27, 2013

සැබෑ මානව හිමිකම් ආරක්ෂකයෙක්.


ව්‍යාජ මානව හිමිකම් ආරක්ෂකයින් පඳුරක් ගනනේ සිටින මේ අවස්ථාවේ, සැබෑ මානව ආරක්ෂකයෙකු හදුන්වාදීමට අපට හැකියාව තිබේ.
ඇය හැත්තෑපස්වන වියේ පසුවන කේ.ඩී.මිසිලින් නෝනාය.
2002 ජූනි 27 වන දින, පානදුර දකුණ පොලිසියේ එවකට සේවය කල, දැනට වාද්දුව පොලිසියේ සේවය කරන ලාල් ගුණතිලක නැමැති පොලිස් නිලධාරියා තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග එක්ව, අසල්වැසියෙකු වූ ජානකට හා තිලාන්ට පහර දෙනවා සිය ඇසින් දුටුවේය.
ඇය ජානකගේ සොහොයුරිය වූ රමණි සමග එක්ව ඒ පිළිබදව පැමිණිලි කිරීමට පොලිසියට ගියේය.  එතැන් පටන් ඇය සිය ඇසින් දුටු අපරාධය පිලිබඳව සාක්ෂි දීමටත්, සෑම අවස්ථාවකම සිද්ධිය හා අදාලව සෑම තැනකටම යෑමටත් ඇය ඉදිරිපත් විය.
ඇය රමණි සමග එක්ව, ප්‍රදේශයේ පවත්වන ලද වීදි මෙහෙයුම් වලදී ඉදිරියෙන් සිටියේය. එමෙන්ම ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක වශයෙන්ද නිර්භීතව ක්‍රියා කාරකම් වලට එක්විය.
හැට හතර වියේදී - අයුක්තියට එරෙහිව ඉදිරිපත් වූ ඇයව නිහඩ කරවන්නට පොලිසියට නොහැකි විය. ඇය සාක්ෂී දුන්නේ ගමේ පොලිසියේ, ග‍මේ පොලිස්කාරයෙකුට විරුද්ධවය. ඇය මුදලට හෝ වෙනත් බලපෑමකට නතු නොවීය.
2013.04.26 දින - සවස 2.00 ට පමණ ජනසංසදයට ඇය පැමිණියේ රමණි සමගය. සිනාමුසුව පැමිණි ඔවුන් කියා සිටියේ අද නඩුව ඉවර වුනා - පොලිස් නිලධාරී ලාල් ගුණතිලකව වැරදිකරු කලා. අවුරුදු 1 1/2කට බන්ධනාගාර ගත කලා. තීන්දුවට විරුද්ධව ඔහු අභීයාචනා කරන බව කිව්වා - ලක්ෂ පහක ශරීර ඇප මත ඔහුව මුදාහැරියා කියාය.
මෙය ජනසංසදය, ආසියානු මානව හිමිකම් කොමිෂම හා එක්ව කටයුතු කල නඩුවකි.
විස්තර සදහා - Article 2 – August 2002 – Vol 1 – No 4 – Page 35-36 බලන්න.
(සම්පූර්ණ විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න)
ජීවිතයේ සැඳැ සමය ගෙවන ඇයට අවශ්‍ය පිළිගැනීම, ගෞරවය ලබාදීම අපගේ වගකීමයි.
තර්ජණ ඇතැයි කියමින් රට පනින්න හදන ඊනියා මානව හිමිකම් ආරක්ෂකයින්ට ඇයගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.

1 comment: