Thursday, April 4, 2013

20 වසරක් පුරා සේවය කළේ නැති බැරි අයට ජනසංසදය සභාපති


විසිවසරක් පුරාම ජනසංසදය සේවය කළේ නැති බැරි මිනිසුන්  වෙනුවෙන් යයිද, ඉදිරියටටත් එම පිරිස වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව  -  ජනසංසදයේ විසිවන වාර්ෂික සාමාජික රැස්වීම අමතමින් ප්‍රකාශ කල - ජනසංසදයේ සභාපති එම්.එන්.ජේ. ද සිල්වා, ඒ සදහා ශක්තියක් වූයේ සාමාජිකයින් බවද අවාධාරනය කළේය.
ගෙවීගිය වසර - රටේ මානව හිමිකම් තත්වය තවදුරටත් පිරිහිණු වසරක් ලෙසට හැදින්වූ - ලේකම් චිත්‍රාල් පෙරේරා, මෙම නිගමනයට එළඹියේ ගතවූ වසරේ ජනසංසදය වෙත පැමිණි හාරසිය හතර දෙනෙකුගේ අයිතීන් අහිමිවීම් මත පිහිටා බවද ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත මූලික අයිතීන්ද, ආඥාපනත් හා පනත් මගින් තහවුරු කර තිබෙන අයිතිවාසිකම්ද, දණ්ඩ නීති සංග්‍රහයෙන් සුරක්ෂිත කර තිබෙන ජීවිත හා දේපොල පිළිබද අයිතීන්ද මේ වන විට ආණ්ඩුව විසින් අකර්මන්‍ය කර තිබේ.
අයිතීන් ආරක්ෂා කිරීම සදහා වූ ස්වාධීන ආයතන සියල්ලම ආණ්ඩුවේ ග්‍රහනයට ගෙන ඇත. අවසාන වශයෙන් අධිකරණයද සිය අතකොලුවක් බවට පත්කර ගත්තේය.
මේ වකවානුව තුල - පීඩාවට පත්වූවන් සමග එක්ව, අයිතීන් සදහාවූ අරගලය ඉදිරියට ගෙනයා යුතුව තිබෙන බවත් - ඒ සදහා විසිවසරක අත්දැකීම් පදනම් කරගෙන, අරමුණ කරා යෑමට සංවිධානමය වෙනසක් කිරීමට පියවර ගතයුතු බවද ඔහු වැඩිදුරටද ප්‍රකාශ කළේය.
ජනසංසදයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික වශයෙන් පිළිවෙලින් - එම්.එන්.ජේ.ද සිල්වා, චිත්‍රාල් පෙරේරා හා නීතිඥ හර්ෂි පෙරේරා තොරා පත්කරගත් අතර, අට දෙනෙකුගෙන් සමන්මිත ක්‍රියාකාරී කමිටුවක්ද තෝරාපත්කර ගන්නා ලදි.
2013 මාර්තු 30 ජනසංසදය ශ්‍රවණාගාරියේදී වාර්ෂික සාමාජික මහා සභා රැස්වීම පැවැත්විණ‍.

No comments:

Post a Comment