Thursday, April 11, 2013

පොලිස් බල්ලාගේ වැරදීමේ ප්‍රතිශතය 25% යිලු!.


ලක්ෂ දෙකක පොලිස් බල්ලෙක්ව අරක්කු බෝතලයක් හා පෙන්ඩනයක් හොයන්න යෙදවයි.බණ්ඩාරගම පොලිසිය , පොලිස් බල්ලෙකුත් අඩගහගෙන - රවි නිශාන්තගේ හා ධර්මසිරි ප්‍රනාන්දුගේ නිවෙස්වලට ගිහිල්ලා.

ඊට පස්සේ රවී නිශාන්තව හා ධර්මසිරි ප්‍රනාන්දුව පොලිසියට ගෙන්වා - අරක්කු බෝතලයකුයි පෙන්ඩන්ට් එකකුයි ගත්තා කියලා - පිළිගන්න බළ කරලා.

ඒ අවස්ථාවේ පොලිසියේ එක්කෙනෙක් බල්ලාට වරදින්නේ සියයට 25ක් බව ප්‍රකාශ කර ඇත. තවත් අයෙක් කියා ඇත්තේ බල්ලා කියන කථාව සියයට අසූවක්ම පිළිගන්නා බවයි.

මේ ආකාරයට පොලිස් බල්ලාගේ හපන්කම් කියමින් රවී නිශාන්තට හා ධර්මසිරිට තර්ජණය කරන ලද බණ්ඩාරගම පොලිසිය, එක් අවස්ථාවක ඔවුන් දෙන්නාව බණ්ඩාරගම පොලිසියේ කුස්සියට ගෙනගොස් මෝල්ගහක් අරගෙන - කොයි කකුලට වැඩියෙන් ආදරේ දැයි කියා අසා ඇත.

මේ අකාකාරයට ඔවුන් දෙන්නාව මානසිකව වධ හිංසාවට පත්කොට, අමානුෂික සහ අවමන් සහගත සැලකිලිවලට භාජනය කර ඇත.

මේ අතර රවී නිශ්නාතගේ බිරිද ඔය පොලිස් බල්ලාට පිස්සු වෙන්න ඇති යයි පැවසූ විට - එක් පොලිස් නිලධාරියෙක් පොලිස් බල්ලා රුපියල් ලක්ෂ දෙකක් වටිනා බව ප්‍රකාශ කර ඇත.

මේ ආශ්චර්යමත් රටේ - මානව හිමිකම් තත්වය පැහැදිලි කරන තවත් එක් උදාහරණයක් පමණි.

No comments:

Post a Comment