Monday, April 8, 2013

හිටපු විදුහල්පතිට එරෙහි ලිංගික අල්ලස් නඩුව කොළඹට


කුමුදුනී පුෂ්පලතා මහත්මියගේ දරුවන් දෙදෙනාව පාසලට ඇතුලත් කර ගැනීමට නම්, තමාව ලිංගිකව තෘප්තිමත් කරන්නැයි ඉල්ලා සිටි කු/නිශ්ශංක විද්‍යාලයේ, හිටපු විදුහල්පති එච්.ඒ.ජයරත්න ට එරෙහි , පොල්ගහවෙල පොලිසිය විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පවරන ලද එම නඩුව අල්ලස් හා දූෂණ චෝදනා යටතේ ගැනෙන එකක් බැවින්, එකී නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කිරීමට පියවර ගෙන තිබේ.


වාර්තාවන අන්දමට කු/නිශ්ශංක විද්‍යාලයේ හිටපු විදුහල්පති එච්.ඒ.ජයරත්නගේ වැඩ තහනම් කර තිබේ. දරුවන් දෙන්නා කුරුණෑගල නගරාසන්න විදුහලකට ඇතුලත් කර ඇත.

දැනට රට යන අත අනුව, නීතිපති වරයා විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට ඉඩ තිබෙන අවස්ථා බොහෝය‍.


මන්ද මෙම හිටපු විදුහල්පති එච්.ඒ.ජයරත්න ප්‍රසිද්ධියේම තමා රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු ගේ ප්‍රධාන පෙලේ හිතවතකු බවට කර තිබෙන ප්‍රසිද්ධ ප්‍රකාශයයි. එම වාතාවරණය තුල මොහුට නැවත රැකියාව ලැබීමටද බොහෝ විට ඉඩ තිබේ.


මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ සිට ප්‍රාථමික පාසල දක්වා සේවය කරන අධ්‍යාපන වෘත්තිකයින් ලෙසට හදුන්වා ගන්නා, විවිධ නම් වලින් පෙනී සිටින අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් - වෘත්තීය ආචාර ධර්ම පමණක් නොවගුරු විනය මාලාවද, රටේ නීතියද ප්‍රසිද්ධියේ උල්ලංඝණය කරමින් - අනාගත පරපුරට මෙන්න සාරධර්ම යයි ක්‍රියාවෙන්පෙන්නුම් කරමින්ය.

ජනාධිපති රාජපක්ෂ පාලනය ගෙන යන්නේ - ස්ත්‍රී දූෂකයින් ප්‍රමුඛ ආධාර කරුවන්ට නීතිපති වරයා යොදවා නඩු නොපැවරීමට පියවර ගැනීමෙන්ය. ඊට පෙර මරණ ද්‍රඩුවම නියමවූවන්ට ඔහු ජීවිත දානය දුන්නේය.

No comments:

Post a Comment