Thursday, April 25, 2013

අපරාධ හා දෙවියෝ.

“ සර්ව බලධාරී දෙවියෙකු” -  විසින්, එම “ සර්ව බලධාරී දෙවියන්ගේ” - පුතුන් හෝ දූතයින් හෝ “ පනිවුඩ කාරයින්” යයි කියා ගන්නා ලද මිනිසුන්ගේ ඉගැන්වීම් එසේත් නැති නම් ප්‍රකාශ, උද්ධෘත උච්චාරණය කරමින්, අර්ථ නිරුපන දෙමින්, මිනිසුන්ට එරෙහිව සිදු කරන සාපරාධී ක්‍රියාවන්ගේ කෙළවරක් කවදා දකින්නට ලැබේද?

මේ ප්‍රශ්ණය ඔබ හමුවේ තබන්නේ ඉස්ලාම්, එසේත් නැති නම් මුස්ලිම්වරුන් නිකාය, කණ්ඩායම්, කල්ලි වලට බෙදී, ඔවුන් සිටිනවා යැයි  කියනු ලබන දෙවියන්ට හෝ එකී දෙවියන්ගේ පුත්‍රයින්ට, පනිවුඩ කරුවන්ට  හා එම පනිවුඩ කරුවන්ගේ ප්‍රකාශන ඇතුලත් කොට ලියන ලද ‘‘ පොත් ” ශුද්ධ වූ වස්තු ලෙසට නම් කර ගෙන එම අනුගාමිකයින් උපන්දා සිට, අන්ධ විශ්වාසයේ ගිල්ලවා, තර්කානුකූලව සිතන්නට, විවිධත්වය ඉවසන්නට ඉඩ නොදී බිහි කළ මිනිසුන් කණ්ඩායමක් ගැන පුවතකි මේ.

පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන දේශසීමා ප්‍ර‍ෙදශයක පිහිටි, ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් විසින්, ළදරු පාසල් වල සිටිය යුතු පිරිමි ලමුන් පිරිසකට නවීන ස්වයංක්‍රීය අවි පුහුණුවක් ලබා දෙන්නේ, තමන් විශ්වාස කරන දෙවියන්ට, ඒ දෙවියන්ගේ පුත්‍රයින්ට හෝ දූතයින්ට, එකී කණ්ඩායම් අයත් නිකායට අයත් නොවන සියල්ලන් වනසා දැමීමට හැකි විකෘති මනසක් ඇති කරමින්ය.

සර්ව බලධාරී යැයි  හඳුන්වන මේ දෙවියන්, මේවා අනුමත කරන බවක් පෙනෙන හෙයින් එවන් දෙවියෙකුද -  අපරාධකරුවකු නොවන්නේද? අපරාධ කිරීමටද, අපරාධ වලට අනුබල දීමද, මිනිස් වර්ගයාට කරන ලද අපරාධයක් සේම වරදකි. පිළිකුලෙන් බැහැර කළ යුත්තකි.

“කොමාන්ඩෝ ළදරුවන්” විඩියෝව

No comments:

Post a Comment