Monday, April 8, 2013

තවත් අපුරු වියට්නාම් සිනමා සිත්තමක්.

“Nostalgia for the Countryside. “- එය අපුරුය. අපේ ලාංකීය සිනමාවටද එයින් ඉගෙන ගත හැකි දේ බොහෝය. මේය ඊයේ සවස 3 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අද්යන මද්යස්ථානයේ ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලාංකීය චිත්‍රපට ලෝලීන්ට දැක ගැනීමේ බාග්‍ය උදා විය. වියට්නාම් චිත්‍රපටි කර්මාන්තය වේගයෙන් දියුණු වේ. එරට සිනමා දිවියට මෑතකදී වසර 60 ක්ද සපිරිණි. මෙම චිත්‍රපටියේ එන නගු ගේ සැමියා වැඩ කිරීමට දුර බැහැරක ගොස්ය. ඇගේ මස්සිනා 17 හැවිරිදි නාම්ය. ඔවුන් සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ දැඩි වෙහෙසක් යොදමින් නිරත වේ. මේ අතර නීතිවිරෝදී ලෙස පිටරට ගිය කුයින් නම් තරුනිය සිය ගමට පැමිණේ. ඇය කැටුව ඒමට දුම්රිය ස්ථානයට බයිසිකලයෙන් යන්නේ නාම්ය. වියට්නාමයේ ගම්බද සුන්දරත්වය, සම්ප්‍රදායික ඇදහිලි , නගරයේදී ගම්බද කාන්තාව පිඩාවට ලක්වන අයුරු විශේෂයෙන් ලිංගික අතවර සහ රුකඩ කලාවේ චමත්කාරය මැනවින් කැමරා ගත කර තිබේ. අවසානයේ 17 හැවිරිදි නාම් හමුදාවට බැදේ. ඒ ඔහුගේ නැගණිය රිය අනතුරකින් මියයාමත් කුයින් ගේ පිටව යාමත් සහ සිය නැණන්දිය නගරයට පිටත්ව යාමත් සමගයි. චිත්‍රපටය කිහිපවරක් වුවද නැරබිය හැක. එපා නොවේ. ඒ තරමටම පියකරුය. අනවශ්‍ය ලෙස ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකත්වය ඉස්මතු කර දක්වන දර්ශන නැත. පවුලේ සැමට එකට සිට බැලිය හැක.

                                                               හර්ෂි සි. පෙරේරා

No comments:

Post a Comment