Sunday, April 7, 2013

අපිව පොලීසියට ගෙන්වන්නේ උන්ගෙන් කුණුහරප අහ ගන්නද


උදේනිව හා ඇගේ පියාව, පැමිණිල්ලක් සම්බන්ධයෙන් විභාග කිරීමට පොලීසියට කැ‍ඳවේවේය.



නියමිත වේලාවට පොලීසියට ගිය ඔවුන්ව පොලීසියට ගෙන්වීමට හේතුව සොයා බැලූ, ඇඹිලිපිටිය පොලීසියේ පරිපාලන අංශයේ පොලිස් පරීක්ෂක  වරයා - කාරණය පවුල් ආරවුලක් බවට නිගමනය කර, ඒ පිළිබඳව කටයුතු කිරීමට, ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් නිලධාරිනියකට පැවරුවේය.



එම  නිලධාරීනිය ඔවුන් දුටු වහාම තමාට එය කළ නොහැකි බව ප්‍රකාශ කළේය. ඒ අනුව -  පරිපාලන අංශයේ පොලිස් පරීක්ෂක වරයා - ඔවුන් දෙපලව විවිධ පැමිණිලි අංශයට යොමු කළේය.



ඔවුන් එහි යන විට, පැමිණිලි කරුද එහි විය. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති වරයා, ඔවුන් දෙන්නාට බැන වැදීමට පටන් ගත්තේ අමු තිත්ත කුණු හරප කියමිනි.



පැමිණිලිකරු -  පොලීසියේ හිතවතෙකි. ඔහු පොලීසිය හා එක්ව කලක සිට මොවුන්ට හිංසා පීඩා කරන්නේය.



පොලීසියට විභාගයක් සඳහා යැයි කැඳවා නින්දා අපහාස කරමින්, අමු තිත්ත කුණුහරපයෙන් බැන තර්ජනය කිරීම අද පොලීසියේ සාමාන්‍ය කල් ක්‍රියාව වී තිබේ.



තමන්ට ඇඹිලිපිටිය පොලීසිය සිදු කරන පීඩා පිළිබඳව මේ වන විටත් -  පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට, පැමිණිලි කර ඇත.



එහෙත් ඇඹිලිපිටිය පොලීසිය සෘජුවම මෙම පීඩාකාරී ක්‍රියාවන්ට ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් සැරයන්  සීතා රංජනීට එරෙහිව කිසිදු විනයානුකූල පියවරක් ගෙන නොමැති බවද  ඔවුන් කියා සිටී.



පොලීසිය රාජ්‍ය යන්ත්‍රනයේ කොටසකි. එය සෑම ආණ්ඩුවක්ම උපයෝගී කර ගන්නේ ජනතාව මර්ධනය කිරීම සඳහාය.



මෙම තත්වය වසන් කරමින්, පොලීසියට සෙත් පතන්නෝද, පොලීසියට සාරධර්ම උගන්වන්න මිලියන ගණන් වැය කරන රාජ්‍ය නොවන සංවිධානද කරන්නේ, සෘජුවම ජනතාව මර්ධනය කිරීමට ආණ්ඩුව හා එක් වීමයි.  

No comments:

Post a Comment