Sunday, April 7, 2013

සාදු සමරමු සොහොයුරෝ

මීට වසර හතලිස් දෙකකට පෙර, 1971 අප්‍රේල් 05, පළමු වෙඩි මුරය වැල්ලවායේදී පත්තු කර, රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා දිස්ත්‍රික් පහක හැර අන් සියලුම දිස්ත්‍රික්කයන්හි පොලිස් ස්ථාන වලට පහර දීමට පටන් ගත්තා.
  


                                                               බාරවු කරැණයින් පිරිසක්
වසර පහක පමණ කාලයක් මුලුල්ලේ, ඉතා කටුක ලෙස, කැපවීමෙන් ක්‍රියා කළ තරුණ තරුණියෝ -    පතොරොම් තුවක්කු එකතු කරමින්, ඩයිනමයිට් උපයෝගී කරගෙන බෝම්බ සාදමින්, “මොලටෙෆ් කොක්ටේල ” – (පැට්‍රල් බෝම්බ) නිපදවීම හා භාවිතයට හුරුවෙමින්  බලා සිටියේ නොඉවසිල්ලෙනි.




ප්‍රහාරයට ලක්වු වරකාපොල පොලීසිය 
පොලිස් ස්ථාන සියයකට ආසන්න  ප්‍රමාණයකට පහර දී, පොලිස් නිලධාරීන් පළවා හැරිය කැරළි කාරයින්ට, එදා සිරිමා බණ්ඩාරනායක අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් -  සමගි පෙරමුණ ආණ්ඩුව ත්‍රිවිඩ හමුදාව හා පොලීසිය එක්කොට දියත් කළ ප්‍රති ප්‍රහාරය හමුවේ පසු බසින්නට සිදු විය.

සටනේදී හා පසු බැසීමේදී මිය ගිය පිරිසට වැඩි, දහස් ගණනකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන වධ දී මරා දමන ලදි. එසේ මරා දමන ලද පිරිස 15000කට වැඩිය.

ඒ සියල්ල , මහජන ආරක්ෂක පනත උපයෝගී කර ගෙන, පනවන ලද හදිසි නීති රෙගුලාසි හා ඇඳිරි නීතිය යටතේය.

විශේෂ අපරාධ නීති සකසා, විශේෂ අධිකරණ පිහිටුවා කැරලි නායකයින් ලෙසට ආණ්ඩුව හඳුනාගත් පිරිසට නඩු පවරා සිරගත කළේය. අන් අය කඳවුරු වලට ගාල් කළේ පුනරුත්තාපනය කිරීම යටතේය.

1972 මහා මැතිවරණයෙන් සමගි පෙරමුණ ආණ්ඩුව පරාජය වී -  ජේ.ආර්. ගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිට වූ අතර මැතිවරණ පොරොන්දු අනුව යමින් -  සිරගතව සිටි සියලු කැරලි කරුවන් මුදා හලේය.

කැරැල්ලට විවිධ මට්ටමින් සහභාගී වූ, ජීවත් වීමට වරම් ලද පිරිස අතරින්, සැලකිය යුතු පිරිසක්, එදා  -  “මව් බිම නැතිනම් මරණය” උද්ධෘත පාඨය පෙරටු කරගෙන සටනට පිවිසි අදටත්, වසර හතලිස් දෙකකට පසුවත්, සමාජ සාධාරණත්වය උදෙසා තමා ජීවත් වන විවිධ පරිසරයන්හි ක්‍රියාත්මක වීම ඇත්ත වශයෙන්ම පුදුම සහගතය. ඇදහිය නොහැකිය.

 71 සහෝදරත්ව සංසදය -   පක්ෂ දේශපාලනයේ බාහිර, තවත් වෙනසක් පතා කැරැල්ලට සහභාගී වූවන්ගේ එකතුව - “ අප්‍රේල් 5” සමරන්නේ, තමන් අදටත්, එදා මෙන්ම සමාජ සාධාරණත්වය සඳහා විවිධ තරාතිරම් වල, විවිධ වයස් සීමාවන් වල සිටියද, සමාජ අසාධාරණය  පිළිකෙව් කරන බව, වෙනසක අවශ්‍යතාවය, අවධාරණය කරමින්ය.

මෙවර සමරු උළෙල - 71 කැරැල්ලට පක්ෂ භේදයෙන් බාහිරව විවිධ මත දරමින් විසිරි සිටින්න වූවන්ද, අද වර්ථමානයේ සමාජ වෙනසක් සඳහා කැපව සිටින තරුණයින්ද එක්කර ගැනීම සුවිශේෂ විය.

71 කැරැල්ලට සහභාගීවූ තරුණ තරුණියෝ තම හෘදය සාක්ෂියට අනුව, නිවැරදි බව තරයේ විශ්වාස කර, තමාගේ යහපත ගැන නොව, සමාජයේ රටේ යහපත උදෙසා -   ඉදිරිපත් වූ පිරිසකි.

පසු කළෙක යම් පිරිසක්, එය තම පුද්ගලික යහපතට අ‍ෙලවි කර ගන්නා ලද බව සැබෑවකි. මේ පිරිස අප්‍රෙල් 5 සැමරුමට ඉදිරිපත් වන්නේ නැත.

2013 අප්‍රේල් 5 -  42 වන සංවත්සරය, සමරන්නට, කැරැල්ලට සහභාගී වි ජීවත් වන්නට වරම් ලද සියයකට අධික පිරිසක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට එක් වූයේ -  ඉදිරි කෙටි කාලයේදීත්, මෙහෙවරක් කරන්නටය.


1 comment:

  1. මෝඩ ගොන් හැත්තක් සමරන්න තවත් මෝඩයෝ හැත්තක් සහ උන්ගේ කර උඩින් ගොස් බඩ වඩා ගන්නා කපටි රැලක්.

    ReplyDelete