Sunday, April 7, 2013

ජාතික පොලිස් කොමිෂමේ හෙළුව යලිත් වරක් දිග හැරේ

“ කොරන්නට බැරි බව නොකියා ” බක පණ්ඩිත වාක්‍ය වලින් ජනයාව මුලා කිරීමට නොහැකි බව -  ජාතික පොලිස් කොමිෂමේ ඉහළ සිට පහළට සියළුම පඩි ලබන්නෝ  ඉගෙන ගත යුතු පාඩමකි.

2012.06.27 හේමලතා ජා.පො.කො. වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ මොරටුව පොලීසියට එරෙහිවය. ඒ හා අදාලව, ඇයව ජා.පො.කො. වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. ඇය අදාල සාක්ෂි ඉදිරිපත් කළේය. පැමිණිල්ලට අදාලව, මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය දෙන ලද තීන්දුවේ සහතික පිටපතක්ද ඇය ඉදිරිපත් කර සිටියේය.

සියලු කරුණු ඉතා පැහැදිලිව, කිසිදු සැකයකින් තොරව ඉදිරිපත් කර තිබියදීත් -   ජාතික පොලිස් කොමිෂමේ අධ්‍යක්ෂ (මහජන පැමිණිලි) එන්. ආරියදාස කුරේ නැමති අය -  ඇයට ලිපියක් එවමින්, ගල්කිස්ස පොලිස් අධිකාරී දිස්ත්‍රික් 01 විසින් කරන ලද යැයි කියන විමර්ශන වාර්තාව මත පිහිටා -  හේමලතා ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාලව ක්‍රියා කිරීමට හැකියාවක් නැති බව ප්‍රකාශ කර සිටි.

අඩු ගණනේ සිද්ධියට අදාලව ඉතා දීර්ඝව, කරුණු දක්වමින් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව වත් කියවන්නේ නැතිව, එසේ නැති නම් කියෙව්වත් තේරුම් ගන්නට බැරිව -   ගල්කිස්ස පොලිස් අධිකාරී දිස්ත්‍රික් ගේ විමර්ශන වාර්තාවට අනුව ක්‍රියා කළ නොහැකි බව ප්‍රකාශ කිරීමට තරම් - ජාතික පොලිස් කොමිෂමේ මහජන පැමිණිලි බාර අධ්‍යක්ෂ එන්. ආරියදාස කුරේ නැමති අය නිවටයෙකු වී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ -  ජාතික පොලිස් කොමිෂම අක්‍රීය කර, විශේෂයෙන් ජාත්‍යන්තරය රැවටීම සඳහා -  අති විශාල මහජන මුදල් වැය කරමින්, ගැත්තන් පිරිසක්, ජාතික පොලිස් කොමිෂමට පත් ක‍ළේ, ඔවුන් ලවා, පොලිස් නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව ඉදිරිපත් වන පැමිණිලි යටපත් කර සාමාන්‍ය ජනයාව-   තලා පෙලා දැමීමටය.

මෙම සත්‍යය, මහජනයා අතරට ගෙන යමින් ජාතික පොලිස් කොමිෂම වෙත පැමිණිලි කිරීම, තමාම තමා රවටා ගැනීමේ ක්‍රියා පිළිවෙතින්, ඉවත් විය යුතු බව අවධාරණය කළ යුතුය.
සිද්ධිය අදාලව -  ජනසංසදය නිකුත් කළ

“ පොලීසිය අධිකරණය රබර් මුද්‍රාවක් කර ගනී ” ප්‍රකාශයට සහ ජනසංසදය යූ ටියුබ් ලින්ක්  http://youtu.be/1r7uouKDDmI(අංකය1279)වෙත ඔබගේ අවධානය කැඳවමු.

No comments:

Post a Comment