Thursday, April 25, 2013

පොලිස් ස්ථානාධිපති මා.හි.‍කොමිෂමට කියලා ති‍යෙන්‍‍නේ ‍බොරු.


පානදුර උතුර ‍පොලිසිය විසින් වධහිංසා පමුනුවන ලද පුද්ල‍යෙකු‍ගේ පැමිණිල්ල විමර්ශනය කරන ලද මානව හිමිකම් ‍කොමිෂමට, ‍පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ව්‍යාජ කරුණු ඇතුලත් වාර්තාවක් ඉදිරිපත් කර ති‍බේ.
පානදුර උතු‍රේ, මහින්ද මහතාට, පානදුර උතුර ‍පොලිසි‍යේ ‍පො.සැ.6118 පී.ඒ.ජයවීර හා ‍පො.‍කො.77994 ඩී.සී.‍කොතලාවල විසින් නීති වි‍රෝධීව අත්අඩංගුවට ‍ගෙන වධහිංසා පමුණුවනු ලැබීය. එ‍සේ සිදුකරන ලද්‍දේ 2010 අ‍‍ප්‍රේල් 02 වන දිනය.
මේ  හා අදාලව ඔහු මා.හි.‍කො.‍වෙත පැමිණිලි කරන ලදි. මා.හි.‍කො.පැමිණිල්ල විමර්ශනය කරන ලදි.
මෙම විමර්ශන‍යේදී, ‍පොලිස් ස්ථානාධිපතිවරයා ‍කොමිෂමට වාර්තාවක් ඉදිරිපත් කරමින් මහින්ද මයාට තුවාල කිසිවක් ‍නොමැති බව ප්‍රකාශ කර ති‍බේ.
පොලිස් පහර දී‍මෙන් අනතුරුව පානදුර මූලික ‍රෝහලට ඇතුලත්වූ මහින්ද මයාට, ‍මොට ආයුධ වලින් පහරදීම නිසා ඇතිවූ තුවාල හතරක් තිබූ බවට ‍වෛද්‍ය වාර්තා‍වේ සදහන්ව ති‍බේ.
මේ වන විට, වධහිංසා පමුණුවනවා පමණක් ‍නොව, ‍බොරු වාර්තා ඉදිරිපත් කිරීමටද ‍පොලිසිය ‍පොළඹවා ති‍බේ.
රජ‍යේ නිලධාරීන්, රාජ්‍ය ආයතනයකට ව්‍යාජ ‍‍තොරතුරු වාර්තා කිරීම අපරාධයකි.
එ‍හෙත් ‍මෙය ‍පොලිසියට වලංගු ‍නොවන තත්වයට - රාජපක්ෂ පාලනය පත්කර ඇත.
මේ වධහිංසා පැමිණවීම සම්බන්ධ‍‍යෙන් ‍පො.සැ.6118 පී.ඒ.ජයවීරට හා ‍පො.‍කො.77994 ඩී.සී.‍කොතලාවලට රු.10,000/= බැගින්වූ වන්දි මුදලක් ‍මහින්ද මහතාට ගෙවන ‍ලෙසට - මා.හි.‍කො.නියම කර ති‍බේ.
එ‍මෙන්ම ‍මේ ‍දෙ‍දෙනාට එ‍රෙහිව - නීතිමය හා විනායානුකූල පියවර ගන්නා ‍ලෙසට නීතිපතිට හා ‍පොලිස්පතිට නිර්‍ ‍දේශකර ති‍බේ.
මේ වන විට, ‍පොලිසියට විරුද්ධව නිර්දේශ රැසක් මා.හි.‍කොමිෂම නිකුත්කර ඇත. එ‍හෙත් ඒවා ‍බො‍හෝමයක් නිර්ර්‍දේශයට සීමාවී ති‍බේ.
කණගාටුදායක තත්වය නම්, ‍මෙම ‍‍කොමිෂමට පත්කර සිටින ප්‍රතිභා මහානාම වැනි ‍කොමසාරිස්වරු සිරි ලංකා‍වේ මානව හිමිකම් තත්වය ‍හොඳයයි පුවත්පත්වලට ප්‍රකාශ කරන්නට තරම් නිවට වී තිබීමයි.

No comments:

Post a Comment