Wednesday, April 3, 2013

වාද්දූව පොලීස් ප්‍රහාරයෙන් දෙදෙනෙක් පානදුර රෝහලේ.

වාද්දූව  පොලීසියෙන් පහර දී, බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනෙක් -  මේ වන විට (2013.04.03) පානදුර මූලික රෝහලේ, වාට්ටු අංක 01 හි ප්‍රතිකාර ලබමින් සිටී.

ප්‍රෙද්ශවාසීන් විසින් සොරකමකට සැක කර, අල්ලා ඊයේ (2013.04.02)  රාත්‍රී 7.00 ට පමණ වාද්දූව පොලීසියට බාරදුන් මේ දෙදෙනාට -  පොලීසිය තුලදී අතින් පයින් හා පොලු වලින් පහරදීම  නිසා -   බරපතල තුවාල සිදුව තිබේ. පොලිස් නිලධාරීන් දහදෙනෛකු පමණ එක්වී මොවුන් දෙදෙනාට පහර දී තිබේ. එක් අයෙකුට සිහි නැතිවද ගොස් තිබේ.

එම තත්වය තුල ඔවුන් දෙදෙනාව වාද්දූව පොලීසිය විසින්ම, පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

පිටේ, කකුල් වල, තට්ටම් වල, පොලු පහරවල් දකින්නට තිබෙන බවද ඔවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කර සිටී.

තවද, ඔවුන් දෙදෙනාටම  කකුල් වලට හා යටිපතුල් වලට පහර දී තිබීම නිසා ඇවිද ගැනීමට නොහැකිවද සිටී.

පිළියන්දල කොරියන් ස්පාහි රැකියාව කරන මෙම දෙදෙනාගෙන් අජිත් ජානක චන්දිමාල් එක් දරු පියෙකි. අසංක ජයනාත් දෙදරු පියෙකි.

2012 අප්‍රේල් 15 වාද්දුව පොලීසිය අත්අඩංගුවට ගත් ධිවරයෙකු වු චන්ද්‍රසිරි පහරදි මරා දැම්මේය. මේ දක්වාම මෙම මිමැරම සිදු කල පොලිස් කාරයෝ නිදැල්ලේ සිටිති.

ජනාධිපති රාජපක්ෂගේ පාලනය යටතේ ඔනැම අපරාධයක් කරන්නට පොලිසියට වරම් දි තිබෙන බව අද ( 2013.04.03) පානදුර රෝහලේ 1 වට්ටුවේ ප්‍රතිකාර ලබන අජිත් ජානක චන්දිමාල් හා  අසංක ජයනාත් උදාහරණ වේ.

No comments:

Post a Comment