Saturday, April 27, 2013

ග්‍රාම නිලධාරී ජයසේනගේ වැඩ බලන පියසේන ඉඩම් මංකොල්ලයක.


ඉඩම් කොල්ලය වැරදුන තැන පොලිසිය හා එක්ව, බොරු නඩු දමා තම අභිප්‍රාය සාර්ථක කරගන්නට උත්සාහ දරන - ග්‍රාම නිලධාරියකු පිළිබදව පුවතකි මේ.
පියසේන අතුකෝරල නම් වූ මොහු ජයසේන අතුකෝරල නමින් ග්‍රාම නිලධාරී රැකියාවේ යෙදෙන බව ප්‍රකාශ වේ.
බදුරලිය ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශයේ ජයසේන නැමැති මෙම ග්‍රාම නිලධාරීවරයා සහා ඔහුගේ පවුලේ උදවිය - ජයරත්න මහතාගේ බිරිදට අයත් ඉඩම් කොල්ලකැමට සැරසෙන ලදි.
විවිධ බලපෑම් කරමින්, හිරිහැර කරමින්, අලාභ හානි කරමින් තම අභිප්‍රාය ඉටු කර ගන්නට උත්සාහ කලද එයට මුහුණ දීමට ජයරත්න මහතාට හා බිරිදට හැකි විය.
මේ අතර බිරිද විදේස් ගත විය. මෙය අවස්ථාව කරගත් ග්‍රාම නිලධාරියා හා බිරිද ජයරත්න මයාට විරුද්ධව බොරු නඩු තුනක් දැමීමට පියවර ගත්තේය. ඒ පොලිසිය සමග එක්වය.
පැමිණිලි තුනක් පදනම් කරගෙන එකම දිනයක 88967/12, 88968/12 හා 88969/12 අංක යටතේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට, ග්‍රාම නිලධාරී ජයසේන අතුකෝරලගේ උපදෙස් අනුව, බදුරලිය පොලිසිය ක්‍රියා කළේය.
පහර දීමට තැත් කිරීම, මරණීය තර්ජණය කිරීම හා ලිංගික අතවර කිරීම යටතේ මේ නඩු තුන පැවරින. ජයරත්න මයාට මේ නිසා දින 14ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදු විය.
වරද පිළිනොගෙන, අභියෝග කිරිම නිසා, නඩු දෙකක් ඉල්ලා අස්කරගන්නට ග්‍රාම නිලධාරී ජයසේන අතුකෝරලගේ බිරිදට සිදුවිය.
ලිංගික අතවර නඩුව සමථ මණ්ඩලයට යොමු කර තිබේ.
රට පුරා සිදුවන ඉඩම් මංකොල්ලයට මේ වන විට රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටින බවට නිදසුනකි මෙය.
මෙහි විශේෂිත කරුණු වන්නේ, ජයසේන අතුකෝරල නැමැති ග්‍රාම නිලධාරීවරයාගේ නම පියසේන අතුකෝරල බවයි. ජයසේන අතුකෝරල ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන අතර, ඔහු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයෙකුය. ඔහුට ලැබුණු ග්‍රාම නිලධාරී පත්වීම, මල්ලී විසින් කරගෙන යෑමේ වංචනික ක්‍රියාව වසන් කිරීමට, පරිපාලන සේවයේ උසස් නිලධාරීන් ලෙසට පෙනී සිටින ප්‍රාදේශීය ලේකම්වරයාගේද සහාය ලැබී තිබෙන බවද කියැවේ.

No comments:

Post a Comment