Monday, April 8, 2013

“මට පිහිට වන්න මගේ පුංචි දරුවන්ගේ අනාගතය හදන්න .”

 මගේ නම එච් ආර් චන්දන වසන්ත කුමාර වයස අවුරුදු 38 යි. දැනට තාවකාලික පදිංචිය කළුවැල්ල ශ්‍රී වර්දනාරාම පුරාන විහාරය. ඉස්සර හෙන් ගොවිතන් කරා , ගෙවල් වලට කෑම හදාගෙන ගිහින් වික්කා ඒවගේම දෙවියන්ගේ වැඩ කරා. මට දරුවෝ 04 දෙනෙක් ඉන්නවා. වයස අවුරුදු 08 යි ,06 යි , 06 යි සහ 02 වශයෙන්. අවුරුදු 08 පුතාගේ ඉස්කෝලේ ගමන දැන් ඇන හිටිලා. අවුරුදු 06 දෙන්නා ඉස්කෝලේ යන්න නියමිතයි එත් ඉස්කෝලේ යවන්න විදියක් නැහැ. එස් ආර් වී සුජීවා පද්මිණි මගේ බිරිදයි. අපි යාලු වෙලා බැන්දේ දෙමාපියන් විරුද්ද වුනා. ඇබිලිපිටියේ සෙවනගල බිරිදගේ මහගෙදර හිටියේ. බිරිදගේ වැඩිමහල් සහෝදරයා ඒ දේපල ලියාගෙන. ඔහු ගන්ජා අරක්කු සහ දඩමස් විකුනනවා. සෙවනගල පොලිසිය ගන්නේ ඔහුගේ පැත්ත. පොලිසිය අපිට කිවුවා උසාවි ගිහිල්ලා දේපල බෙර ගන්න කියලා. එකට අපිට සල්ලි නැහැ. 
අපි හැමදේම එපා කියලා පිටත් වෙලා ආවා. අතේ තිබුනේ රුපියල් 1000යි. එක ඇති වුනේ ගාල්ලට එන්න විතරයි. ගාල්ල බස් නැවතුම් පොලේදී අපේ කතාව අපි පුද්ගලයින් කීප දෙනෙකුට කිවුවා. මුස්ලිම් කීප දෙනෙක් අපිව වටකරගෙන කිවුවා නිවසක් හොයලා දෙන්න අපිට ඒ ගොල්ලන්ගේ ආගමට බැදෙන්න කියලා. අපි බැහැයි කිවුවා. ඒ කලබලය නිසා එතනට පැමිණි ගාල්ල පොලිසිය අපිව මෙම හාමුදුරුවෝ ගැන කියලා පන්සලට යොමු කළා. පන්සලට ඇවිල්ලා සති දෙකක් වෙනවා. ගමේ අය කැමති නැහැ පන්සලේ පවුලක් නතර කරගෙන ඉන්නවට. අද 2013.04.05 උදේ ජනසන්සදයට ආවේ හාමුදුරුවන්ගෙන් සල්ලි ඉල්ලා ගෙන. 

මේ තාත්තගේ එකම ඉල්ලීම පුංචි දරුවන්ගේ අනාගතය හදන්න නිවසක් ලබා දෙන ලෙසයි. ඔහුගේ දුරකථන අංකය 0770682574 වේ. මහජන බැංකුවේ කොට්ටාව ශාකාව ගිණුම් අංකය 328-2-001-4-0014533 වේ. මෙම චායාරුප ගන්නා ලද්දේ ඔහු සහ ඔහුගේ පවුල අද ජනසන්සදයට පැමිණි අවස්ථාවේදීයි. 

No comments:

Post a Comment